Archive for October, 2011

ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්රජාතන්ත්රවාදය….ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල ඒකාධිපතියන්ට එරෙහිව මෙන්ම ඊනියා ලිබරල් ආර්තික ක්රියාවලිය හරහා ලෝක ආර්ථික දේශපාලනය හසුරුවන මූල්ය සමාගම් ඇතුලු බහු ජාතික කොම්පැනි වල ආර්ථික ඒකාධිපතියන්ටද එරෙහිවද මිනිසුන් වීදි බැස ඇත. ‘ඔක්යුපයින්ග් වෝල් ස්ට්රිට්’ විරෝදතා ව්යාපාරයේ හරය එයයි. සියයට එකක් විසින් 99%ක් ජනතාවගේ ජීවිතය හුසුරුවන මේ ක්රමයට එරෙහි හඬ එයයි. විකල්පයක් වෙනුවෙන්වන බලාපොරොත්තුවේ නියෝජනය එයයි. සියලු වටිනාකම්, හර පද්ධතීන් ලාබ තීරුවට යට කල යුගය වෙනුවට නැවතත් මනුශ්යත්වය කරා යාමට දැනුවත් මිනිසුන් ,ගැහැනුන් තුල වන බලවත් උවමනාවේ පිලිබිඹුව එයයි.
ඉන්දියානු සමාජ ක්රියාකාරිනියක් වන වන්දනා ශිවා පවසන පරිදි “අද අප බලකර සිටින්නේ G8 වෙනුවට සමස්ථ මනුශ්යත්වය එනම් G7,000,000,000 ආදේශ කල යුතු” බවයි.
‘ඔක්යුපයින්ග් වෝල් ස්ට්රීට්’ ව්යාපාරයට සහෝදරාත්මක සහයෝගය පල කර ලොව පුරා ඔක්තෝබර් 15 එනම් අද , මහාද්වීප 6 කට අයත් රටවල් 82ක නගර 1000කට වැඩි ගනනක පැවත්වෙන විරෝධතා වෙනුවෙන්, නිකුත් කල ප්රකාශනය ‘ඊනියා ගෝලීය ලිබරල්වාදය’ නිරුවත් කල සංක්ශිප්ත වුවත් බලවත් සටහනකි. ගෝලීය වෙනසක් උදෙසා, ගෝලීය ප්රජාතන්ත්රවාදය උදෙසා, ජනතාව වෙනුවෙන් ජනතාව විසින් ක්රියාත්මක කරන යහ පාලනයක් උදෙසා ගෝලීය එක්සත් වීමකට ඇරයුම් කරන මේ ප්රකාශණය , බ්රිතාන්යය,ඊජිප්තුව,ටියුනීසියාව,ජර්මනිය,ස්පාඥ්ඥය,ඇමරිකාව,බ්රසීලය,පලස්තීනය,ඊශ්රායලය,මෙක්සිකෝව, උරුගුවේ,ආර්ජන්ටීනාව,ඉන්දියාව හා ඕස්ට්රේලියාව වැනි රටවල සමාජ ප්රජතන්ත්රවාදී ව්යාපාර, ක්රියාධාරීන්, ජනතා එකමුතුවන් වල අදහස් උදහස් කැටි කොට ලියැවී ඇත.

මනුශ්ෂත්වය වෙනුවෙන් ‘රෙජීම වෙනසක්’ උදෙසා වූ ප්රකාශනය
2011 ඔක්තෝබර් 15 දින ගෝලීය වෙනසක් සඳහා එක්සත්ව, ගෝලීය ප්රජතන්ත්රවාදය හා ජනතාව විසින් ජනතාව උදෙසා වූ ගෝලීය යහ පාලනයක් අපි බලකර ඉල්ලාසිටිමු.ටියුනීසියාවේ, ඊජිප්තුවේ,ලිබියාවේ,සිරියාවේ,බහරේනයේ,නිව්යොර්ක් හි, ඊශ්රායලයේ,ග්රීසියේ,ස්පාඥ්ඥ්යයේ නැගීසිටින අප සහෝදර සහෝදරියන්ගේ සටන්කාමීත්වයේ ආශ්වාදයෙන් යුතුව අප බලකර සිටින්නේ, රෙජීම වෙනසකටය. ගෝලීය රෙජීම වෙනසකටය.
ප්රජතන්ත්රවිරෝදී ජාත්යන්තර ආයතන යනු, අපගේ ගෝලීය මුබාරක්ලාය, අපගේ ගෝලීය අසාද්ලාය, අපගේ ගෝලීය ගඩාෆිලාය. ජාත්යන්තර මූල්ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ගෝලීය වෙලඳපොල, බහුජාතික බැංකු,G8/G20,යුරෝපියානු මධ්යම බැංකුව,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන මේවාට අයත්ය.
අසාද්ලා ,මුබාරක්ලා මෙන්ම ඉහත ආයතන වලටද ජනතාවගේ කැමැත්ත නොමැතිව, ඔවුන්ගේ ජීවිත හසුරුවන්නට ඉඩ දිය යුතු නැත. දුප්පත් වේවා පොහොසත් වේවා, ගැහැනු වේවා පිරිමි වේවා අප සියල්ලන්ම සමානයන් ලෙස ඉපදුනෙමු. සෑම අප්රිකානුවෙක්ම, ආසියානුවෙක්ම, යුරෝපියෙකුට, ඇමරිකානුවෙකුට සමානය. ගෝලීය ආයතන තුල මෙය පිලිබිඹු විය යුතුය. නැත් නම් ඒවා පෙරලා දැමිය යුතුය.
ඉතිහාසයේ අන් කවර දාකටත් වඩා අද දවසේ, අපේ ජීවිත හසුරුවන්නේ මේ ගෝලීය බලවේගයන්ය. අපේ රැකියාව,සෞඛ්යය, නිවාස අධ්යාපනය,විශ්රාම වැටුප යනාදී සියල්ලක්ම පාලනය කරන්නේ, ගෝලීය බැංකු, වෙළඳපොල,සංස්ථා, මූල්ය අර්බූද වැනි දෑය. වෙනත් මහාද්වීපයක සිදුකරන, පරිසර දූශනය නිස අපේ පරිසරය විනාශ වී යයි. අපේ ආරක්ෂාව තීරනය කරන්නේ ජාත්යන්තර යුද්ධ, ජාත්යන්තර යුධ අවි වෙළඳාම, මත්ද්රව්යය හෝ ස්වභාවික සම්පත්ය. අපේ ජීවිතවල පාලනය අප අතින් ගිලිහෙමින් පවතී. මෙය නැවතිය යුතුය. මෙය නවතනු ඇත.
අද අපි මෙක්සිකානු සැපටිස්ටාවන් සේ මෙසේ කියමු, “¡Ya basta! Aquí el pueblo manda y el gobierno obedece”:’ඇති, මේ ජනතාවගේ අණයි, ගෝලීය ආයතන එය පිලිපදිනු’ අද අපි ස්පාඥ්ඥ ටොමලප්ලාසාවන් සේ මෙසේ කියමු,'”Democracia Real Ya”: ‘සැබෑ ගෝලීය ප්රජතන්ත්රවාදය දියවු’. ද අපි සියලු ලෝක පුරවැසියන්ට ආරාධනා කරමු, අපි ටහ්-රිර් චතුරස්රය ගෝලීයකරනය කරමු.පුවර්ටා ඩෙල් සෝලාව ගෝලීයකරනය කරමු.

දශක තුනහමාරකට ආසන්න කාලයක් මේ ‘ඊනියා ගෝලීය ලිබරල් ආර්ථික’ මඩ ගොහොරුවේ ගාටන අපේ රටටද අද ඇවැසිව ඇත්තේ මේ වෙනසයි.මනුශ්ෂත්වයයි. ලොව පුරා සෙමෙන් හමන මේ වෙනසක සුළඟ අපේ ආදරණීය මවුබිම හරහා හමන්නේ කවදාද? ගෝලීය සහෝදරවරුනි, ඔබේ ගිටාරයේ, බැලලයිකාවේ හඬට, අපේ සිතාරයේ සර මුසු කරන්නට අපි බලා සිටිමු. නිදිගැට හැර ලොව දෙස බලන්නට මගේ සහෝදරයන්ට, ආයාචනා කරමි.
රෙජීමාදිපතිගෙ මෝඩ ජෝක් අසමින්, කුරහන් තලප හපන්නට මසකට සැරයක් අරලිය මැදුරු වන්දනාවේ යන පුවත් කතුවරුන්ගේ පත්තර කඩමාලුවලින් මේවැනි මාතෘකා කථාකරවියැයි සිතීම උගහටය. බ්ලොග් අවකාශය තුල අවම තරමින් සංවාදයක්වත් ආරම්භ කරන්නට මනුශ්ෂත්වයේ නාමයෙන්, ආදරණීය මිනිසුන්ට ආයාචනා කරමි.

Advertisements

මේ දුගඳ හමන දේශපාලනයට තිත තබන්නට අපි තවත් බලා හිඳිමුද? තම තමන්ගේම එවුන් බල්ලන්, බලලුන් මෙන් කා මරා ගන්නා තරමට ජරාජීර්නව පල්වී පනුවන් නලියන මේ ක්රමය අවසන් කරන්නට සිතමුද? නැත්නම් මේ නරා වලේම ලැග එහි අසූචි අනුභව කරමින් එහිම ගිලී යමුද?
දෙවියන් පලා ගිය පිං බිමේ කුඩ්ඩන්,පිස්සන්,හොරුන්,තක්කඩියන්,මංකොල්ලකාරයන්,කුම්භාන්ඩයන්,පිසාචයන්, පිනුම් ගසද්දී, අපි කට ඇරගෙන බලා සිටිමු.හුරේ දමමු.විසිල් ගසමු. සුපර් කුඩ්ඩා,සුපර් පිස්සා, සුපර් තක්කඩියා තෝරන්නට චන්දෙද දාමු. කොක්කෙන් හෝ කෙක්කෙන් චන්දෙ දිනන්නට පුලුවන්කම පමනක්, තිබෙන එකම සුදුසුකම වන ඕනෑම කාළකන්නියෙකුට කිසිම හිරිකිතයක් නැතුව නාමයෝජනා දෙන තරමට පිරිහුනු දූෂිත දේශපාලන පක්ෂ හා නායකයන් රටේ චන්දදායක තකතීරුවන්ගේ මොලේ තරම ගැන කියමින් දෙකොනෙන්ම සිනාසෙනවා නියතය. වේදිකාවට නැග “බුද්ධිමත් ඡන්දදායකයනි” යනුවෙන් ආමන්ත්රනය කරන අතර, ‘අනේ මුං වගේ ගොං තකතීරු නිවට රැලක්’ යනුවෙන් යටි සිතෙන් සිතනවාට සැක නැත.
ඒ ඔලමොට්ටල බූරු රැලේ කර මතින් පාර්ලිමේන්තුවටද, පළාත් සභාවටද,නගර සභාවටද, අරකටද, මේකටද රිංගන එවුන් ඊට පසු හතර වරං ගසති, පරම්පරාවටම හම්බුකරති. තාත්තා කැබිනට් ඇමතිය, පුතා පළාත් ඇමතිය, මුනුපුරා නගරාධිපතිය,මල්ලී අහවල් සභාපතිය, අක්කා අහවල් ලේකම්ය,නෑනාද මස්සිනාද, බෑනාද,උගෙ හොඳම යාලුවාද, ලේලීද, ඒකිගෙ පරන බෝයි ෆ්රෙන්ඩ්ද, එකී මෙකී නොකී සනුහරේම තවත් තානාන්තරවලය. පගා,කොමිස්,දූෂණ,වංචා, මුන්ගේ සාමාන්ය දෛනික රාජකාරි බවට පත්වී ඇත.සමාජයට වගේ වගක් නැත. මෙවැනි නිවට රැලකට මේ දේශපා+එලුවන් නිකට පා නවතින්නේ නැත.
අවාසනාවනම්, මේවයේ පලවිපාක මුන්ට ඡන්දෙ දුන් නොදුන් හැමටත් , මේගැන හාන්කවින්සියක් නොදන්නා නූපන් පරම්පරාවටත් විදින්නට සිදුවීමය.
තවදුරත් කැනහිලුන් විසින් සියල්ල කබාසිනියා කරන තුරු නිහඬව සිටීමෙන් පලක් නැත. ‘මොරගොඩ’ වෙනුවට ‘මුසම්මිල්’ ගෙන ඒමෙන් හෝ රාජපක්ෂ, පෙරලා වික්රමසිංහ ගෙන ඒමෙන් පලක් වන්නේද නැත. මේ අවජාතක සමාජ ක්රමය බිහිකල වූවන්ගෙන් යහපත් සමාජයක් බලාපොරොත්තුවීම, රාජපක්ෂලාගෙන් එවැන්නක් බලාපොරොත්තුවෙනවාට වඩා වැඩි වෙනසක් නැත. අවශ්ය වන්නේ ඔලු ගෙඩි වල වෙනසක් නොව ක්රමයේ වෙනසකි. මේ ප්රොඩාකාරී, විකාර ඡන්ද තුලින් එය කල නොහැකිය,මක්නිසාදයත් පවතින ‘නියෝජිත ප්රජාතන්ත්රවාදී විහිලුව විහිලුවක්ම බැවිනි.
මිනිස්කම ඉතිරිවුනු, උපන් බිමට යන්තම් හෝ ආදරයක් ඇති, ආත්මය මුදලට පාවානුදුන් මිනිසුන් ගැහැනුන් පෙරට ආ යුතු කාළය පැමින ඇත. තවත් බලා සිටින්නට කාළයක් නැත. වෙන්ව බෙදී යාමට නොව එක්ව සටන් කරන්නට මොහොත එළඹ ඇත. ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි, කවුරු කලත් හරිදේ අගය කලහැකි, වැරද්දට විරුද්ධ විය හැකි කොඳුඇට පෙල තවමත් ඉතිරිව ඇති යහපත් මිනිසුන්ගේ, ගැහැනුන්ගේ මොහොත එළඹ ඇත. නීතියේ ආධිපත්ය තහවුරු කල, විනයක් සහිත, මිනිස්කම උත්තරීතර කල, සාධාරණ සමාජයක් නිර්මානය කල හැකි සමාජ ව්යපාරයක් අප රටට වහාම අවශ්යව ඇත.