Archive for September, 2011

ප්රථම බෝම්බ ප්රහාරය

වසර 2000 අප්රේල් 7 යනු ක්රිකට් ලොව සසල කල දිනයකි. නව දිල්ලි ඒකාබද්ධ පොලිස් කොමසාරිස් කේ.කේ. පෝල් පුවත්පත් සාකච්චාවක් කැඳවමින් ‘මහත්වරුන්ගේ ක්රීඩාවේ’ කීර්ති නාමය සුනු විසුනු කල ප්රථම බෝම්බ ප්රහාරය එල්ල කරනුයේ එදිනය. ලොව පුරා ලක්ෂ සංඛ්යාත ක්රිකට් ලෝලීන්ගේ සිත් කම්පාවට පත් කරමින් ඔහු පවසන්නේ මුදලට තරඟ පාවාදීම් සාක්ෂි සහිතව ඔප්පු කල හැකි සාධක තමන් සතු බවයි.

ඇද වැටුනු අෆ්රිකානර් කුමාරයා
වසර ගනනාවක් පුරා අන්තර් ජාතික ක්රිකට් කවුංසිලය ඇතුලු ක්රිකට් ක්ෂේත්රය තුල වරින් වර තරමක කථා බහට ලක්වුනු මාතෘකාවක් වුවද මුදලට තරඟ පවාදීම ‘සාක්ෂි නැත’ යන පදනම මත සැම විටම යටපත් විය. එවන් තත්වයක් තුල ඉන්දීය පොලිස් කොමසාරිස්ගේ ප්රකාශය ක්රිකට් ක්ෂේත්රය තුල මෙන්ම ක්රීඩාවට ඇළුම් කල ක්රිකට් ලෝලීන් තුලද ඇදහිය නොහැකි කම්පනයක් ඇති කලේය. විශේෂයෙන්ම මේ චෝදනාවන් සම්බන්දව කියැවුනු නම් විශ්වාස කල නොහැකි වූ අතර..ඒ අතුරෙනුත් අංක එකේ චුදිතයා වු හැන්සි ක්රොන්යේ යන්න කෙසේවත් ඇදහිය නොහැකි විය.ඒ වන විට ක්රිකට් ලොව තුල හැන්සි ගොඩනගාගෙන තිබූ පෞර්ෂය හා ප්රතිරූපය ඒ තරම්ම දැවැන්ත විය. මෑත කාලීන ක්රිකට් ක්රීඩාව තුල නැතහොත් අපේ කාලයේ ක්රිකට් ක්රීඩාව තුල සිටි විශිෂ්ටතම නායකයා හැන්සි බව මගේ විශ්වාසයයි. ක්ලයිව් ලොයිඩ් හා ඉම්රාන් ඛාන් යන 70/80 දශක වල සිටි විශිෂ්ඨ නායකයන් ගැන කියවා හා අසා ඇති නමුත් ඔවුන් නායකත්වය දුන් තරඟ මා නරඹා ඇත්තේ අතේ ඇඟිලි ගනනටත් අඩුවෙනි.තාක්ශනයේ දියුනුවත් ,වානිජ්යකරණයත් තුල 90 දශකයේ සිට ලොවපුරා ක්රීඩා කල බොහෝ ක්රිකට් තරඟ සජීවීව නරඹන්නට ලංකාවේ අපටද වරම් ලැබිනි.’අපේ කාලයේ නායකයන් අතර’ යනුවෙන් මා විශේෂනයක් යෙදුවෙ එබැවිනි.
ප්රංශ සම්භවයක් සහිත අෆ්රිකානර් නමින් හැදින්වෙන ජාතියකට අයත් හැන්සි, අලුත් ද. අප්රිකාව නොහොත් මැන්ඩෙලාගේ දේදුනු වර්ණ ද. අප්රිකාවේ අසහාය ක්රීඩා තාරකාවක් විය. චෝදණාවන්ට ක්ෂණිකව ප්රතික්රියා දක්වන ඔහු ඒවා සියල්ල ප්රතික්ෂේප කරයි. අප්රිකානු ක්රිකට් බලධාරීන්ද,ජාතික කණ්ඩායමද තමන්ට හැන්සි විශ්වාස බව එකහෙලා පවසයි. එහෙත් දින 4 කට පසු පිටු 5ක් පුරා සිය අත් අකුරෙන්ම දීර්ඝ ස්වයන් පාපෝච්චාරණයක් ලියන හැන්සි එය තම බිරිඳ බර්තා,තම නීතීඥයා වන සැක්ස්ටයින්, ද. අප්රිකානු ඒකාබද්ධ ක්රිකට් ම්ංඩලයේ ප්රදාන විධායක ආචාර්ය අලි බැකර් හා සිය ආධ්යාත්මික මග පෙන්වන්නා හා ක්රිස්තියානි පුජකවරයෙකු වන මැක්කෝලි වෙත් ෆැක්ස්කරමින් තමන් බුකි කරුවන්ගෙන් මුදල් ගත් බව පිලිගනී.
ඉන්දීය පොලීසිය තමන් සතුව ඇතැයි කී හඬපට කිසි දිනක එලිදැක්වූ නැති අතර අවසානයේ හැන්සිට එරෙහිව තිබුනේ ඔහු විසින් සුප්රකට ‘කිංග්’ කොමිසම ඉදිරියේ කල ප්රකාශය හා දින තුනක් තිස්සේ ලබා දුන් සාක්ශි පමණය. නිශ්චිත නිගමනයක් නොමැතිව කොමිසම අවසන් වූ නමුත් ද. අප්රිකානු ක්රිකට් බලධරයන් හැන්සි ක්රොන්යේ ජීවිතාන්තය දක්වා වූ තරඟ තහනමකට ලක් කලේය.

අලු යට තිබූ ගිනි ඇවිලෙයි
විෂිශ්ඨ ක්රීඩකයෙකු හා නායකයකු ලෙස ලොව පිලිගත්තද හැන්සි ක්රිකට් ක්රීඩාවට කල ලොකුම දෙය නම් සිය වැරදි පිලිගනිමින් සත්ය ප්රකාශ කිරීමට ගත් තීරණය තුලින් අලු යට තිබූ නීති විරෝධී ඔට්ටු සෙල්ලම එලිදරව් කිරීමයි. මේ හෙලිදරව් කිරීම් හමුවේ, විශේෂයෙන් ඉන්දියාවේ හ පාකිස්තානයේ පැවති පරීක්ෂණ තුලින් හිටපු ඉන්දීය නායක මොහොමඩ් අසාරුදීන් හා හිටපු පාකිස්තාන නායක සලීම් මලික් ජීවිතාන්තය දක්වා තරඟ තහනම් වලට ලක් විය. ඊට අමතරව අජෙ ජඩෙජා,අටා උර් රෙහෙමන් වැනි තවත් ඉන්දු පාකිස්තන් ක්රීඩකයන්ද ඳඩුවම් වලට ලක් විය.
ක්රිකට් ක්රීඩාව සම්බන්ඳ ඔට්ටු ඇල්ලීම පිලිබඳ විශේසඥයෙකුට අනුව ඉන්දියාවෙ පමනක් මෙම නීති විරෝධී ව්යාපාරයේ වාර්ශික වටිනාකම ඩොලර් බිලියන 2 පමන බවයි. ඉන්දීය ජෙෂ්ඨ ආදායම් බදු කොමසාරිස් වරයෙකු වූ විශ්වා ගුප්තා වරක් ප්රකාශ කලේ අසාරුදීන් වසර ගනනාවක් පුරාවට ක්රිකට් තරඟ හා සම්බඳ අයථා ගනු දෙනු වලින් හම්බ කල මුදල ඩොලර් මිලියන 50 පමන බව ඔහු විශ්වාස කරන බවයි. එමෙන්ම සලීම් මලික් ද ඩොලර් මිලියන 2ක් පමන මෙසේ ලබාගෙන ඇති බව අනුමාන කෙරේ.

ඔට්ටු ක්රීඩාවේ ලාංකීය අත්දැකීම්
මෙම වර්ධනයන්ට සමගාමීව ලාංකීය ක්රීඩකයන් කිහිප දෙනෙකුටද ඉන්දීය තරඟ සංචාරයකදී මුදලට තරඟ පාවා දුන් බවට චෝදන එල්ල වූ නමුත් කිසිදු පරීක්ෂනයක් නොමැතිව ඒවා යට ගියේය. ශ්රී ලංකාව හා ඔස්ට්රේලියාව අතර තරඟාවලියකදී, කාළගුන තත්ව විස්තර ,තණතිලි පිලිබඳ විස්තර බුකි කරුවන්ට දෙමින් මුදල් ලබා ගත් බවට ශේන් වෝන්ට හා මාර්ක් වෝට චෝදනා එල්ල වූ අතර අභ්යන්තර පරීක්ශනයක් පවත්වා සුලු දඩ මුදලක් පනවා එය යට ගසා දමන්නට ඔස්ට්රේලියාව කටයුතු කලේය. එමෙන්ම 96/97 තරඟ වාරයේදී ශ්රී ලංකාව, ද. අප්රිකාව,පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව්වන් සහභාගී වූ සිව්කොන් තරඟාවලියද බුකි කරුවන් තමන් පසුපස ආ අවස්තාවක් බව හැන්සි සිය සාක්ශියේදී පවසයි.
වරක් අස්ගිරිය ක්රීඩාංඟනයේ පැවති ටෙස්ට් තරඟයක් සඳහා මාවන් අතපත්තු නැවතී සිටි හෝටල් කාමරයේ තිබී ලක්ෂ ගනනක මුදලක් හෝටල් සේවකයෙකුට හමුවිය. මාවන් ඒවා තමගේ නොවන බව ප්රකශ කල අතර,වෙනත් අයිතිකරුවෙක්ද ඉදිරිපත් නොවීය. මාවන්ව අපකීර්තියට පත් කරන්නට කිසිවෙක් මෙය කලාද, නැතහොත් මාවන් මුලින් මුදල් ලබාගෙන, පසුව සිය තීරනය වෙනස් කර මුදල් අත්හැර ගියාද එසේත් නැතිනම් මාවන් බුකි කරුවන්ව ප්රතික්ශේප කලද ඔහුව පොළබවාලීමට ඔහු නොදැනුවත්ව මුදල් කාමරය තුලට දැම්මාද යන ඕනැම දෙයක් සිදුවිය හැකි වුවත් කිසිදු පරීක්ශනයක් නැතිව එයද යටගියේය.
මෑතකදී, හිටපු ටෙස්ට් ක්රිකට් නායකයෙකුද දැන් දේශපාලකයෙකුද වන හශාන් තිලකරත්න ආන්දෝලනත්මක ප්රකාශයක් කරමින්, මුදලට තරඟ පාවාදුන් ලාංකීය ක්රීඩකයන් ගැන තමන් දන්නා බවත් නිසිකල හෙලිදරව් කරන බවත් පවසයි. ඇමති පරීක්ෂණ කරන බව පැවසුවද සිදුවන්නේ, හශාන් හා ජනාධිපති අතර හමුවකින් පසු සියල්ල යට යාමයි.

ලංසු හා අල්ලස්
සාමන්යයෙන් ක්රීඩා තරඟ වල ඔට්ටු අල්ලන්නෙ ජය පරාජය පිලිබඳව වුවත් ක්රිකට් උන්මාදයෙන් පෙලෙන ඉන්දීය උප මහද්වීපය තුල ලංසු වල විස්තීර්න භාවය පුදුම උපදවන සුලු බව විශේසංඥ අදහසයි. එය තරඟය ජය ගන්නෙ කවුද, කාසියේ වාසිය හිමිවන්නේ කාටද,පලමුවෙන් පංදුවට පහර දෙන්නේ කවුද,කන්ඩායම් ලබා ගන්නා ලකුනු මෙන්ම එක් එක් ක්රීඩකයා ලබා ගන්නා ලකුනු හෝ කඩුලු වල සිට, පලමු පන්දු යැවීමේ වෙනස ලෙස පංදු යවන ක්රීඩකයා(first change bowler) කවුද, අහවල් ඕවරයේ කඩුල්ලක් වැටෙයිද නැත්ද, අහවල් ඕවරයේ ලකුනු කීයක් ගනියිද වැනි කාරනා මෙන්ම ක්රීඩකයන් කී දෙනෙක් අව් කන්නඩි පැලඳ පිටියට එයිද වැනි කරුනු පවා ඇතුලත් බව පැවසේ. මෑතකදී තරඟ තහනමකට මුහුන දී සිටින, සල්මන් බ්ට්, ආමීර් හා ආසිෆ් මොහොමඩ්ලා එන්ගලංතයේ කල ‘නෝ බෝල්’ සෙල්ලමද මෙවැනි ‘ස්පොට් ෆික්ස්’ එකකි. සමස්ත තරඟයක ප්රතිඵලයට හානියක් නැති පොඩි පොඩි දේවල් වලටත් දහස් ගනනින් ඔට්ටු තැබෙන අතර ඩොලර් දෙතුන් දාහකට එවන්නක් කිරීම සඳහා ක්රීඩකයකු පොලඹවා ගැනීමද එතරම් අපහසුවක් නැත. උදාහරනයකට, ප්රසිද්ධ ක්රීඩකයෙක් (අපි කියමු ෂෙවාග් නැත්නම් ඩිල්ශාන්)පිටියට යන විට කැප් එකක් දානවද, හැට් එකක් දානවද වගෙ එකක් සලකන්න ,තරඟයට කිසිම බලපෑමක් නැති ඒවගේ දෙයකින් ලක්ශයක් දෙකක් අතට ගන්න පුලුවන්නම් ක්රීඩකයන් ඒවට පොලඹව ගැනීම එතරම් අපහසු නොවේ.
ක්රීඩකයන් බා ගැනීමට බුකි කරුවන් දමන ඇමවල් අතර දහසින් බැඳි පියලිද, සුපිරි මෝටර් රථ වැනි තෑගිද සුරූපි ළලනාවන් සමග රාත්රීන්ද ඇති බව පැවසේ.

අද ක්රිකට්
IPL වැනි T/20 තරඟාවලි හරහා තවදුරටත් වාණිජ්යකරනය වී ඇති අද දවසේ ක්රිකට් ක්රීඩාව තුල ප්රමුඛස්ථානය මුදලට හිමිවී හමාරය.කෝටි ගනනින් ක්රීඩකයන්ට ගෙවන ඉන්දීය ෆ්රැන්චයිසයන් පිටුපස බුකි කරුවන්ගේ කලු සල්ලිද තිබීමට හොඳටම ඉඩ කඩ ඇත. එමෙන්ම විවිධ රටවලින් පැමිනෙන ක්රීඩකයන් එකම කන්ඩායමක් නියොජනය කරන අතර, ඔවුන්ට තම රට නියොජනය කරනාකාරයේ හැඟීමක් මෙහිදී ඇති නොවේ, තවද ක්රීඩකයන්, පුනුකරුවන්, සහය පුහුනුකරුවන්, භෞත්චිකිත්සකයන් හා තවත් අවශේස පුද්ගලයන් ද සමග 300කට අදික පිරිසක් සම්බඳ වීම හා ව්යපාරිකයන්ද,මදු විතද,සුරූපිනියන්ද උතුරන සාද,ස්ංග්රහ වැනි විච්චූරනද අඩුවක් නැති මේ තරඟවලි බුකි කරුවන්ගේ ඇල්ම බැල්ම වැටී නැතැයි සිතිය හැකිද.

අවසානය
නැවතත් හැන්සි දෙස හැරුනොත්, බොහෝ චෝදනා ලද ක්රීඩකයින් කල පරිදි බොරුවට ප්රතික්ශේප කරමින්,බලධාරීන් හා දෙශපාලකයන් හරහා ඒවා යට ගසා ගන්නට උත්සාහ කරනවා වෙනුවට සිය වැරදි පිලිගනිමින් කල හෙලිදරව්ව නිසා තරඟයක තීරනය බුකි කරුවන් අත රැදෙන තරමට ක්රිකට් ක්රීඩාව බිඳ වැටීමට තිබූ අවස්ථාව වැලකෙන්නට ඇත. සිය වර්නවත් ක්රිකට් දිවිය කලු පැල්ලමකින් අහිමි කර ගත් හැන්සිට, 2002 ජූනි 1 සිදුවූ ගුවන් අනතුරකින් සිය දිවියම අහිමි විය. බුකි කරුවන්ගේ මරණ තර්ජන තිබුනද ,මේ ගුවන් අනතුර කුමන්ත්රණයක ප්රතිපලයක්දැයි තිබු සැක පරීක්ෂණ තුලින් ප්රතික්ශේප විය.
ක්රීඩාව දූෂණයෙන් බේරා ගත හැක්කේ චෝදනාවක් ආවිට පරීක්ශන පවත්වා වැරදි කරුවන් සිටීනම් දඬුවම් දීමෙනි. බුකි කරුවන් හා ඒවාට සම්බඳ පුද්ගලයන් ක්රිකට් මහ පුටුවලට පත් කරන අපේ වැනි රට වල එවන්නක් සිදුවේයැයි සිතීමද විහිලුවකි.

Advertisements

මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ගනිමින් සිටින ජාතියකට නිවැරදි මග කියා දීමට හැකියවුන් ඉදිරියට ආයුතු අවධියක් නැවත පැමින ඇත. වඩාත් භයානක වන්නේ නරක මිනිසුන්ගේ ක්රියා නොව හොඳ මිනිසුන්ගෙ නිහඬතාවය බව දිනෙන් දින පසක් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප රට ඉතා අඳුරු පරිච්ඡේද පසු කලද මෙතරම්ම ගර්හිත කල සමාජයක් තවත් තිබුනේ නැත. 89යේ භීෂනයේ කූඨප්ප්රාත්තියේ මහ සංහාරයෙන් පසුව තිබුනු බියෙන්,සැකයෙන් හා අවිනිශ්චිත බවින් පිරුනු ලාංකීය සමාජය තුල පවා අද තරම් නිහඬ බවක් නොවීය. වැරැද්ද නිවැරැද්ද දැකීමත් එය එලිපිට කියා පෑමත් ඉතා පහසුවෙන් මරනය කැඳවාගත හැකි කාලයේ පවා නොමැතිවූ නිහඬතාවයක්,අන්ඳභාවයක් අද මේ සමාජය වෙලාගෙන ඇත්තේ අපේ මවුබිම කාලකන්නිබවේ පතුලටම ගිලෙන්නට නියත විවරන ලබා ඇති නිසාවත්ද?
ප්රජාතන්ත්රවාදය විහිලුවක් වූ රටක, නීතිය බල්ලට ගිය රටක,පලිගැනීම රටේ දේශපාලන න්යාය පත්රයේ ඉහලින්ම ඇති රටක,වංචාව දුෂනය ආයතනගත කල රටක,පිස්සන් කුඩ්ඩන් හොරුන් මංකොල්ලකාරයින් මැති ඇමතිකම් කරන රටක මේ නිවට නිහඬ බව නියාලු දරා ගැනීම නොහොත් අනියම් එකඟතාවය කෙසේ විග්රහ කර ගනිමුද?
එදා මරනය ඉදිරියේ හිස නොනැමූවන් අද වරධාන ඉදිරියේ හිස පහත හෙලා ඉන්නේ කුමන කරුමයකටද? කොන්ඳ කෙලින් තියාගෙන පෑන මෙහෙයවූ පත්තරකාරයන්, නිවැරදි සමාජ දැක්මක් වෙනුවෙන් කව් ගී ලියූවන්, කියූවන්, සිනමා/නාට්යකරුවන්, සමාජ ප්රගමනයන්ට දර්ශනයක් දුන් ඇදුරන්,මහඇදුරන් අද පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන් වී ඇත්තේ මන්ඳ?
මෙය වයසත් සමග සිදුවන පුද්ගල රූපාන්තරනයකට ලඝුකොට හැකිද? මියගියවුන් හා වයසත් සමග අවරට ගියවුන්ගේ රික්තය පුරවන්නට අංකුර බිහිනොවන්නේ මන්ඳ? අපේ රටේ හා ජනයාගේ කරුමයද? නැතහොත් දශක තුනක් තිස්සේ අප රට ගමන් ගන්නා දේශපාලන සමාජාර්ථික ගොහොරුවේ තාර්කික ප්රතිපලයක්ද?
ආත්මාර්ථය දහම කරගත් ලෝකය සිය කුටුම්බයේ ප්රමානයට කුඩාකරගත්,පොදු සමාජය, රට, අනාගත පරපුර ගැන හැඟිමක් තැකීමක් නැති මිනිසුන්ගෙන් පිරුනු සමාජයක්…… සියල්ල මුදලට යට කල සමාජයක්…… අතීතයේ සිට අප ජාතියක් ලෙස පවත්වාගෙන ආ සාමූහිකත්වය,සහජීවනය,එකිනෙකා වෙත වූ පොදු වගකීම ඇතුලු ශුද්ධවූ සියල්ල විනාශ කරගත් සමාජයක්…………… ලෝකය විශ්ව ගම්මානයක් බව දේශනා කරමින් සිය ප්රාග්ධනය ලොව පුරා පතුරවමින් සිටින දැවැන්ත සමාගම් කිහිපයක් විසින් හසුරවන ඊනියා ලිබරල් ආර්ථික දේශපාලන න්යායපත්රය හරහා පරිධියේ කුඩා රටක් වන ශ්රී ලංකාවේ නිර්මානය කර ඇති විපරීත සමාජය එයය.
තනිකරම මී පොරයක් වී ඇති ප්රාතමික හා ද්වීතීයක අධ්යාපනයද,ගිරා පෝතකයන් බිහිකරන විශ්ව විද්යාල පද්ධතියද,රියැලිටි ෂෝ එකක් වී ඇති රටේ තාරුණ්යද මේ අසංවේදී සමාජයේ කදිම පිලිබිඹු නොවේද?