Archive for July, 2011

Departure

Posted: July 30, 2011 in Uncategorized

You have come for me…

Like a mist in the morning ….

Stretched out with ice cold hands

Time runs out for me………

Like a blowing wind…….

Strength melts, blotting holy land

Farewell, all precious people……

Blew life all the way from beginning…

Let me decent with smile to the ocean bed

Advertisements

සුමන බන්ඩා යලිත් කට ඇර තිබේ. සාමාන්‍යයෙන් ඔහු කොයි මුඛය ඇරියත් අපට සිදුවන්නේ නහය වසා ගන්නටය.

රටේ හා අපේ අවාසනාවට සුමන බන්ඩා උසස් අධ්‍යාපන ඇමතිය. සරසවි සිසුන්ට “නායකත්ව” පුහුනුව දෙන්න හමුදා කදවුරු වලට ගාල් කිරීමේ තියරිය හොයාගත් සුමන බන්ඩා දියතලාව ආමි කෑම්ප් එකේදි පුහුනුවු “නායකයන්” හමුවේ සිය අනාගත සැලසුම්ද එලි දක්වා ඇත. තව වසර 4 කින් සරසවියට ඇතුලත් කරගන්නා සිසු ප්‍රතිශතයන් උඩු යටිකුරු කරන බව සුමන බන්ඩා වහසි බස් දොඩ‍යි. දැනට සරසවි වරම් ලබන්නන්ගෙන් ආසන්න වශයෙන් 50%ක්ම කලා විෂය ධාරාවෙන්ද, 30%ක් පමන වානිජ්‍ය විෂය ධාරාවෙන්ද 20%ක් පමන විද්‍යාව හැදැරුවන්ද වේ. සුමන බන්ඩා කියන්නේ 2015 දී විද්‍යා උපාධි අපේක්ෂකයන් ප්‍රමානය 50% කර කලා විෂය ධාරාව හදැරුවන් 20% ක් කරන බවයි. බැලූ බැල්මට ඉතා සුන්දර කථාවකි. ප්‍රශ්නය වන්නේ අපේ “උසස්” අධ්‍යාපන ඇමති සිය අරමුනු ඉටු කරගන්නේ කෙසේද යන්නයි. විද්‍යා ධාරවෙන් සියයට පනහක් යනු වෛද්‍ය,ඉන්ජිනේරු,දන්ත වෛද්‍ය,පශු වෛද්‍ය,කෘෂි සහ සාමන්‍ය විද්‍යා උපදි අපේක්ශකයන් වෙයි.

ඉහත උපාධිදාරීන් වැඩි කිරීමට නිකම්ම දේශන ශාලා පුලුල් කිරීම ප්‍රමානවත් නොවේ. විද්‍යාගාර, පුස්ථකාල, උපකරන, තාක්ෂනික මෙවලම්, රසායන ද්‍රව්‍ය, පොත පත මෙන්ම ආචාර්‍ය මහාචාර්‍ය ඇතුලු මානව සම්පත්ද වැඩි කල යුතුය. දැනට බඳවගන්නා ප්‍රමානය මෙන් දෙකහමාර ගුනයක් ඇතුලත් කර ගැනීමට ඊට සමගාමීව ඉහත සම්පත්ද දැවැන්ත ලෙස වර්ධනය කල යුතුය. වසරින් වසර අධ්‍යාපනයට ලබා දෙන මුදල් කපා දමන ආණ්ඩුව මේසා විශාල ආයොජනයක් ඉදිරි වසර 4 තුල විශ්ව විද්‍යාල සදහා යොදවාවි යැයි සිහිනෙන් වත් විශ්වාස කල නොහැකි මුත් , අපේ තාරුණ්‍යට හෙටක් හැදීමට රාජපක්ෂ රෙජීමයට මහා කරුනාවක් පහල වී හෝ සුමන බන්ඩාගේ ප්‍රාතිහාර්යකට හෝ එවැන්නක් සිදුවූවායැයි මොහොතකට සිතමු ,…. එතකොට සුමන බන්ඩාට මේ අපූරු 50% සූත්‍රය සාධනය කල හැකිද?

සරසවි බඳවා ගැනීමේදී දැනට පවතින ඉහතින් සඳහන්වූ ප්‍රතිශතයන් කිසිසේත්ම අහම්බයක් නොවේ. එය අප රටේ අධ්‍යාපනයේ ඇති අර්බුධයේ තවත් පැති කඩක් පමනි. මෙය සංඛ්‍යාත්මකව පැහැදිලි කරතොත් එය මෙසේ දැක්විය හැක.

                         2008 උසස් පෙල සිසු සංඛ්‍යාව

විද්‍යා                     30,887 (22%)

කලා                      72,135 (52%)

වානිජ්‍ය                  35,586 (26%)                    

(Source: School Census 2006   preliminary report Ministry of Education/ Table 8 provisional figures)      

ඉතා පැහැදිලි ලෙසම හා තත්වාකාර්යයෙන්ම එක් එක් විශය ධරාවන්ගෙන්  උසස් පෙල හදරන සිසු ප්‍රතිශතයන් සරසවි පිවිසුම් වරම් ලබන සිසු ප්‍රතිශතයන් හා සමපාතවී ඇත. උපාධිදාරීන් ගෙන් වැඩිම රැකියා විරහිත පිරිස කලා අංශයෙන් වනවිට 50% සිසුන් එම විශය ධාරාවෙන්ම උසස් පෙල හදාරන්න්නේ මන්ද? මෙයටද පිලිතුර ගනන් හිලවු වලින්ම පැහැදිලි කරගත හැක.

රටේ සමස්ත පාසැල් සංඛ්‍යාව 10,000ක් පමන වේ. එයින් උසස් පෙල පංති ඇත්තේ ආසන්න වශයෙන් 2500කය. එනම් හතරෙන් එකක පමනි. උසස් පෙල විද්‍යාව උගන්වන්නේ එයිනුත් හතරෙන් එකක වැනි ප්‍රමානයකය. එනම් මුලු ලංකාවේම උසස් පෙලට විද්‍යාව හැදැරිය හැකි පාසැල් ඇත්තේ හයසිය පනස් ගනනකි.

තවදුරටත් කියනවානම් සරසවියට පිවිසෙන්නන්ගෙන් භාගයක්ම කලා උපාදි අපෙක්ශකයන් වන්නේ ‘කොච්චර කිව්වත් මේකලා කලා ම කරන නිසා නොව’ පාසැල් අධ්‍යාපන පද්දතිය තුල පවතින ඌනතා, විශමතා නිසා බවය.

මෙහිම තවත් මානයකට යන්නේනම් උසස් පෙල විද්‍යාව හැදැරීමේ පහසුකම් වැඩියෙන්ම ඇත්තේ බස්නාහිර පලාතේ සිසුන්ටය. ඉහත 2008 සංඛ්‍යා අනුව සිසුන් 31,000හෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක්ම බස්නහිර පලාතෙන්ය. තවත් විශ්ලේශනය කලහොත් , කොළඹ දිස්ත්‍රික්කයේ විද්‍යා, කලා, වානිජ්‍ය සිසු ප්‍රතිශත පිලිවෙලින් 34%,27%,39 වෙද්දී, අනුරාධපුර දිස්ත්‍රික්කයේ එය 20%,60%,20%,ක්ද මොනරාගල 16%,60%,23%ක්ද වෙයි.  අධ්‍යාපනයේ සම්පත් බෙදී යාමේ විශමතාව මොනවට පැහැදිලි වෙන දත්තයන් නොවේද? රටේත් ,සිසු පරපුරේත් අඳුරු පරිච්චෙදයක් වූ 87-90 වකවානුවේ ඉතා නිර්මානාත්මක සටන් පාටයක් වූ “කොළඹට කිරි ගමට කැකිරි” අදටත්….. සියවස් කාලකට පසුවත් වලංගු වී තිබේ. කෙතරම් ඛේදවාචකයක්ද? දශක ගනනාවක් පුරා ප්‍රතිපත්තියක් නැති, දුර දැක්මක් නැති, දර්ශනයක් නැති වගේම උවමනාවක් නැති තක්කඩි දේශපාලුවන් විසින් අපේ මවුබිමෙ අද්‍යාපනය (අනෙක් එවා වගේම ) රැගෙනවිත් ඇති ස්ථානය මෙයය.

මේ සංඛ්‍යාලේකන සමගම යලිත් අපි අපේ පිනට පහලවූ උසස් අධ්‍යපන ඇමතිගේ අපූරු කථාවට යමු. 2015 දී 50% විද්‍යා සිසුන් බඳවා ගත යුත්තේ 2014 උසස් පෙල විභාගයෙනි එනම් මේ සිසුන් 2012 දී උසස් පෙල ආරම්බ කල යුතුය. ඒ කියන්නේ සුමන බන්ඩාගේ 50% සිහිනය සැබැ වීමටනම් තව වසරක පමන කාලයක් තුල අපෙ රටේ ප්‍රාතමික හා ද්විතීයක අධ්‍යාපනයේ විප්ලවයක් විය යුතුය.  උසස් පෙල විද්‍යා විශයන් උගන්වන පාසල් ප්‍රමානය දෙගුන ,තෙගුන විය යුතුය…එවාට අවශ්‍ය සම්පත්ද, ගුරුවරුද ඒ සමගාමීව වැඩිවිය යුතුය….උසස් පෙල විද්‍යාව හැදැරීමට සුදුසුකම් ලබන දරුවන් වැඩි කිරීමට ප්‍රාතමික අද්‍යාපනය දියුනු විය යුතුය..ඒ සඳහා වැඩිපුර සම්පත් යොමුවිය යුතුය…මේ සියල්ල වසරකට අඩු කාලයකදී සිදු විය යුතුය…… අබැටක් තරම්වත් මොලයක් ඇති එකෙක්වත් වසරකින් තබා තව අවුරුදු දහයකින්වත් ලංකාවේ මේ දේ සිදු නොවන බව දනී.

නොතේරෙන්නෙ සුමන බන්ඩාට පමනි. ඉතිං ඕකයි අපේ රටේ උසස් අධ්‍යාපනය ඔලුවෙන් හිටවීමට යන ඇමතිගෙ මොලේ තරම. මේ කථාවෙන් තේරෙන්නේ උසස් අධ්‍යාපනය කෙසේ වෙතත්, දියතලාවේදී උපාධි අපෙක්ශකයන් ඉදිරියේ සුමන බන්ඩා ඔලුවෙන් හිටගෙන ඇති බවය………………….(සටහන: ඔහු අඳින්නේ ජාතික බැනියම හා සරමය )

ප.ලි. සමහරවිට විද්‍යා උපාධි අපේක්ශකයන් වැඩි කරනවා වෙනුවට කලා හා වනිජ්‍ය සිසුන් අඩු කිරීමෙන් 50% ළගා කරගන්නට සුමන බන්ඩා සිතනවා වෙන්නටද පුලුවන. ඒත් 50% එන්නේ නැතිනම් සිසුන්ගේ පංති තහනම් කර විශ්ව විද්‍යාල ප්‍රවෙශයේ කෙසේ වෙතත් පිටවීමේදී හෝ තම සිහිනය සැබැ කරගන්නට සිතනවා වෙන්නටද පුලුවන.( ඔහුගේ ශ්‍රී මුඛයෙන්ම කියු පරිදි පසුගිය වසර තුල පන්සිය ගනනක් සිසුන්ගෙ පංති තහනම් කරඇත )

එහෙමත් නැත්තන් 2015 වෙන කොට රාජපක්ෂ රෙජීමයත් සමගම තමනුත් ඉතිහසයේ කුනුකූඩයට විසිවූ ජෝකරයෙක් වන බැවින් ඔහේ කටට එන ඔනෙම දෙයක් කියාගෙන, උඩ කරනම්,බිම කරනම්, බඩ පිනුම්, හිටි පිනුම් ගසාගෙන ඉන්නට ඇති අවස්ථාව උපරිමයෙන් විඳිනවා වෙන්නටද පුලුවන.

මෙ සටහන කියවූ මගේ බිරිඳ කිව්වේ මිනිහා සමහරවිට 2012 ලෝක විනාශය විශ්වාස කරනව ඇති කියාය. එසේ වන්නටද බැරි නැත.

ලන්ඩන් ගිය බන්ඩලාගේ කථා ලතා අතරේ බජට් එක පාස් වෙලා. ජනතාවට හුළං. රාජපක්ෂ ජනාධිපතිගෙ ලන්ඩන් අලකලන්චිය ගැන එක එක කතන්දර කියවෙනව, එකෙ එක්කෙනාට ඇඟිලි දික් වෙනවා. ඒත් මේ සමස්ත සිදුවීම දිහා හරියට බැලුවොත් පේන්නෙ අපේ රට ගමන් කරන මහා අර්බුදයෙම හැඩතලම තමයි.  

මේ වගේ දැනදැනම උගුලට ගිය තකතීරු තීරණ ගත්තෙ කව්ද කියන එකයි දැන් තියෙන ප්‍රශ්ණෙ.  සමහරු කියන්නෙ මේක අර මිනිස්සුන්ගෙ මුදල් කෝටි ගනන් වියදම් කරල ජනධිපතිගෙයි, රටෙයි ප්‍රතිරූපෙ නංවන්න කියල කුලියට ගත්ත කොම්පැනියෙ වැඩක්ලු. තව සමහරුන්ට අනුව මේක එංගලන්තෙ හිටපු තානාපතිවරියගෙ පුද්ගලික උවමනාවට කරපු වැඩක්ලු.

කාගෙ මොන උවමනාව උනත් ප්‍රශ්ණෙ ඒක නෙමෙයි. මේකෙන් පේන්නෙ අපේ රට කරවන තැන පිරිල ඉන්න කේවට්ටයන්ගෙ මොලේ තරම තමයි. රාජපක්ෂ හරි වෙන කවුරුහරි පුද්ගලයෙක් විදිහට කොහේ ගිහින් ඇන ගත්තත් අපිට කමක් නැහැ. ඒත් රටේ ජනාධිපති මේ විදිහට ඇන ගත්තම නෝංඩි වෙන්නෙ මුලු රටමයි.