සරසවි අරගලය ජයග්‍රහනය කරවීමටනම්…………..

Posted: November 6, 2010 in Uncategorized

ලෝකයේ සෑම තැනම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙමින් යන විට මුලින්ම ඉදිරියට එන්නෙ ශිෂ්‍ය ව්‍යාපාරය බව ඉතිහාසය පුරාම ලියවිලා තියෙනවා. ලංකාවෙ අද සිදුවෙන්නෙත් එකම තමයි
ආණ්ඩුව මේක හොඳට දන්න නිසා තමයි ආරම්භයෙදිම මර්දණය දියත් කරල තියෙන්නෙ. මේ ශිෂ්‍ය සටන් සමාජය එක්ක බද්ද වෙන එක තමන්ට මාරන්තික බව දන්න ආණ්ඩුව මේවා හුදකලා කරන්න සියලු විදික්‍රම පාවිච්චි කරමින් ඉන්නව.ලේසිම ක්‍රමය ජේ.වී. පී. ලේබල් එක ගහන එක ඊට පස්සෙ කොන්ද කඩපු මාද්‍ය ටික යොදාගෙන ගොබෙල්ස් න්‍යාය පවිච්චි කරල ඒක. මැර ඇමතියො ටිකයි බෝක්කු කටවල් ටිකයි පාරට දාල ඇත්ත ප්‍රශ්ණය අමතක කරන්න පුලුවන් තරම් ට්‍රයි කරනව. ඒ අස්සෙ “මෙගා ස්ටාර්” අර ස්ටාර් මේ ස්ටාර් කියල මීඩියා ජෝක්ස් නිර්මාණය කරල මිනිස්සුන්ගෙ ඇස් වහල ගොනාට අන්දල තියෙනව.
මේ වෙලාවෙ ආණ්ඩු විරෝධී සටනෙ ඉන්න ඕන විපක්ෂ මන්ත්‍රීලත් මේ ස්ටෙජ් වල ජෝකර්ල වෙලා.
ශිෂ්‍ය ව්‍යාපරය ඉතාමත්ම කල්පනාකරී විය යුතු අවස්තවක් උදාවෙලා තියෙන්නෙ. තේරුමක් නැතුව මර්දනයෙ දංගෙඩියට හිස තියන්න ගියොත් වෙන්නෙ ආණ්ඩුවෙ අවශ්‍යතාව නිකම්ම ඉෂ්ඨ වෙන එක.
වහාම සටන පොදු සමාජය වෙත ගෙනිහිල්ල තමන් කරන්නෙ සාදාරණ සටනක් බවත් එය පුද්ගලික යහපත වෙනුවෙන් නොව පොදු අරමුනක් වෙනුවෙන් බවත් ඒත්තුගන්වන්න ඉක්මන් ක්‍රියමාර්ගයක් ගතයුතුයි.
නිද්‍රාගත වෙච්ච සමජයක් අවධි කරන එක ලේසි වැඩක් නෙමෙයි, ඒත් බිම් මට්ටමෙ තියෙන ආර්ථික පීඩනය පුපුරන්න වැඩි කාලයක් යන එකක් නැහැ. ඉදිරි අයවැයෙන් සිදුවෙන්නෙත් මිනිස්සුන්ගෙ අපෙක්ෂා භංග වෙන එක විතරයි. ඉතින් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් සේවක සටන් එක්ක, ශිෂ්‍ය අරගලයත් සමපාත කරන්න වැඩපිලිවෙලක් නිර්මාණය කර ගන්න, ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය යුතුයි.
සරසවි හරහා නැවතත් සන්නද්ධ අරගලයක් එන බවට භීතිකාවක් මවන්න ආණ්ඩුව දඟලන්නෙ නැගී එන විරෝධතා වලට පොදු සමාජයේ සහයෝගය වලක්වන්නයි අවශ්‍ය උනොත් දරුනු මර්දනයකට යන්න ඕනකරන වටපිටාව හදාගන්නයි.
මේ තත්වය අදුරගන්න වගෙම බුද්ධියෙන් වැඩ කරන්නත් ආණ්ඩුවෙ උගුල් වල නොවැටෙන්නත් සරසවි ශිෂ්‍යා සම්ත් වෙයි කියල මම හිතනවා.
අයිතිවාසිකම් දින ගන්නත් නිදහස් අධ්‍යාපනය මතු පරපුරට ආරක්ෂා කර දීමත් වගේම ප්‍රජතන්ත්‍රවාදය දිනාගන්නත් නායකත්වය ගන්න ශිෂ්‍ය ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනව. ඒ ඓතිහාසික කාර්යභාරය වගකීමෙන් ඉශ්ඨ කරන්න පුලුවන් උනොත් අපේ රට ගමන් කරන විනාශකාරි මාර්ගයෙන් පොඩ්ඩ්ක් හරි ගලවගන්න හැකි වෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s