පෙරවදන

ඇමරිකාව ප්රමුක බටහිර, ඉරාකය ආක්රමනය කර වසර 10 ගෙවී ඇති මේ මොහොතේ, ලෝක ජනමාධ්ය තුල ප්රමුඛ මාතෘකාවක් බවට එය පත්ව ඇත. විවිද පසු විපරම්, විශ්ලේශන, පශ්චාත් මරන පරීක්ශන සිදුවෙයි. ඒ අතරින් ඉරාක යුද්ධයේ ආබාධිත හිටපු සොල්දාදුවෙකු වන තෝමස් යන්ග් සිය මරන මංඡකයේ සිට, තවමත් ගලන මහා ලේ ගංඟාව නිර්මාණය කල ‘මහ මොළකරුවන්’ වූ ජෝර්ජ් බුශ් හා රිචඩ් ‘ඩික්’ චේනි ජනාධිපති, උපජනාධිපති ජෝඩුව වෙත රචිත සිය අවසන් ලිපිය විශේෂය. සිය පුද්ගල දේශපාලන,ආර්තික අභිමතාර්ත හා අදටද ලොව හසුරුවන සමාගම් ජාලයක කෑදරකම වෙනුවෙන් වන්ඳි ගෙව්වේ මිලියන ගනනක් අහිංසක, මිනිසුන්,ගැහැනුන් හා දරුවන්ය. ඔවුන්ගෙන් එකෙකු වූ අනුන්ගේ පාපයට කුරිසියේ ඇනගසූ තොමස්ගේ ලියුම විෂේශ වන්නේ එබැවිනි……………………………………

ජෝර්ජ් W. බුශ් හා ඩික් චේනි වෙත,

ඉරාක යුද්ධයේ 10 වෙනි සංවත්සරය යෙදෙන මේ මොහොතේ මගේ සහොදර හිටපු සෙබලුන් වෙනුවෙන් මම මේ ලිපිය ලියමි. ඉරාකයේදී මියගිය සෙබලුන් හා මැරීන් භටයන් 4488 වෙනුවෙන් මම මෙය ලියමි. ශාරීරිකව හෝ මානසිකව තුවාලවී එනිසාම සිය ජීවිත අකාලයේ සුන් බුන් වී ගිය ලක්ශගනනක් හිටපු සොල්දාදුවන් වෙනුවෙන් මෙය ලියමි. මමද එසේ දරුණු තුවාල ලැබූවෙක්මි. 2004 වසරේ සදාර් නගරයෙදී කැරලිකරුවන් රැකසිට කල පහරදීමකින් පූර්ණ ඔත්පලභාවට පත්වුවෙක්මි. මගේ ජීවිතය අවසානයට පැමින තිබේ. මරණ මංඡකයේ සිටින රෝගීන් වෙනුවෙන් ඇති උපස්තානය යටතේ සිටිමි.

සහකරුවන් අහිමිවූ භාර්යාවන් හා සැමියන් වෙනුවෙන්, පියවරුන්, මව්වරුන් අහිමිවූ දරුවන් වෙනුවෙන්, පුතුන්, දියනියන් අහිමිවූ දෙමව්පියන් වෙනුවෙන් හා දහස් ගනන් මොල්ය තුවාල වුනු සහොදර සොල්දාදුවන් රැක බලා ගන්නා පුද්ගලයන් වෙනුවෙන් මම මේ ලිපිය ලියමි. තමන් ඉරාකයේදී කල කී, අත්දුටු හා දරන්නට සිදුවූ දෙයින් ඇතිවූ කම්පනය හා ස්වයං-පිලිකුල නිසාවෙන්ම සියදිවි හානි කරගත් හිටපු සොල්දාදුවන් වෙනුවෙන්, සාමන්යයක් ලෙස ගත් විට සෑම දිනකටම එක්කෙනා බැගින් සියදිවි තොර කරගන්නා සක්රීය රාජකාරියේ නියුතු සොල්දාදුවන් හා මැරීන් භටයන් වෙනුවෙන් මම මේ ලිපිය ලියමි. ඝාතනයවූ දසලක්ශයක් ඉරාක ජාතිකයන් වෙනුවෙන්, තවත් ගිනිය නොහැකි තුවාල වූ ඉරාක ජාතිකයන් වෙනුවෙන් මෙය ලියමි. ඔබගේ යුද්ධය විසින් ඉතිරි කල, අවසානයක් නැති වේදනාවෙන් හා ශෝකයෙන් පිරි දිවියක් උරුමවූ මානව සුන්බුං වන අප සියලු දෙනා වෙනුවෙන්ම මම මේ ලිපිය ලියමි.

බුශ් මහත්මයානනි, චේනි මහත්මයානනි, මේ ලිපිය, මගේ අවසන් ලිපිය ඔබ දෙපලට ලියමි. නමුත් මම මෙය ලියන්නේ ඔබගේ බොරුව, ප්රෝඩාව හා ධනයට, බලයට ඇති කෑදරකම නිසා ඇතිවූ දරුණු මානව හා සදාචාරමය පලවිපාකයන් ග්රහනය කරගැනීමට ඔබට හැකියයි සිතා නෙවේ. මෙය ලියන්නේ මා මෙන්ම, ලක්ෂ ගනනක් මගේ සොහොදර සෙබලුන්ද, මිලියන ගනනක් මගේ සහෝදර රටවැසියන්ද, තවත් කෝටි ගනනක් ඉරාක හා මැද පෙරදිග වැසියන්ද, ඔබ කවුද යන්නත්, කලේ කුමක්ද යන්නත් හොඳාකාරවම දන්නා බව, මා මිය යාමට පෙර පැහැදිලි කිරීමටය. ඔබ යුක්තිය පසිඳලීමෙන් ගැලවී යනු ඇත. නමුත් අප සැමගේ දෑස් හමුවේ ඔබ දෙපලම කොල්ලකෑම,හා අවසානයේ සිය අනාගතය උදුරා ගැනුනු මගේ සහෝදර තරුන ඇමරිකානු සොල්දාදුවන් දහස් ගනනකගේ ඝාතනද ඇතුලත් ඝාතනයන්ට, බරපතල යුධ අපරාධ වලට වරදකරුවන් වී හමාරය.

ඔබ හොබවන අධිකාරිත්වයට, ඔබගේ මිලියන ගනනක් පුද්ගලික වත්කම් වලට, ඔබේ මහජන සම්බන්ඳතා උපදේශකයන්ට,ඔබේ වරප්රසාදයන්ට හෝ බලයට ඔබේ චරිතයේ හිස්බව වසන් කල නොහැකිවනු ඇත. චේනි මහත්මයානනි, වියට්නාම් යුද්ධයට කැඳවුම් ලැබුනු විට එය මග හැර පැනගිය ඔබ, බුශ් මහත්මයානනි, ජාතික ආරක්ෂක ඒකකයෙන් නිවාඩු රහිතව රාජකාරියට වාර්තා නොකර (AWOL-Absence without leave) හමුදාව හැරගිය ඔබ, අපව ඉරාකයේ යුද්ධ කර මිය යාමට යැවීය. ඔබලාගේ බියසුලුකම, ආත්මාර්තකාමීත්වය සනාත වූයේ අද ඊයේ නොව දශක ගනනාවකට පෙරය. අපගේ ජාතිය වෙනුවෙන් ජීවිත අවදානමක් ගැනීමට අකමැති වූ ඔබ, කුනුමාලු වීසි කරන තරම්වත් හැඟීමකින් තොරව ලක්ශ ගනනක් තරුන මිනිසුන් ,ගැහැනුන් නිරර්තක යුද්ධයක් වෙනුවෙන් බිල්ලට යැව්වේය.

9/11 ප්රහාරයට දින දෙක කට පසු මම හමුදාවට බැඳුනෙමි. මම හමුදාවට බැඳුනේ අපගේ රටට ප්රහාරයක් එල්ලවූ බැවිනි. මගේ සහෝදර රටවැසියන් 3000ස් ගනනක් මරා දැමූවන්ට පෙරලා පහරදීමට මට අවශ්ය විය. නොඑසේව, 2001කේ සැප්තැම්බර් ප්රහාරයට කිසිදු සම්බඳයක් නොතිබූ මෙන්ම එක්සත් ජනපදයට තබා සිය අසල්වාසී රාජ්යයන්ටවත් තර්ජනයක් නොතිබි ඉරාකය වැනි රටකට එරෙහි යුද්ධ කිරීමට මම හමුදාවට නොබැඳුනෙමි. මම හමුදාවට බැඳුනේ ඉරාක ජාතිකයන් “නිදහස්” කරගැනීමට හෝ මිත්යා සමූහ ඝාතක අවි නිශ්පාදනාගර වසා දැමීමට හෝ ඔබගේ විහිලුසහගත “ප්රජාතන්ත්රවාදය” බැග්ඩෑඩයේ හෝ වෙනත් මැද පෙරදිග රටක බලෙන් රෝපනය කරන්නට නොවෙමි. මම හමුදාවට බැඳුනේ, ඔබ එකල කී ලෙස ඉරාක තෙල් ආදායමෙන්ම ඉරාකය නැවත ගොඩනැගීමටද නොවේ. ඒවෙනුවට මේ යුද්ධය වෙනුවෙන් එක්සත් ජනපදයට ඩොලර් ට්රිලියන 3කට වඩා වියදම් වී ඇත. විෂෙශයෙන්ම පූර්වක්ර (pre-emptive) යුද්ධයක් වෙනුවෙන් මම හමුදාවට නොබැඳුනෙමි. පූර්වක්ර යුද්ධයක් ජාත්යන්තර නීතිය අනුව නීති විරෝධීය. ඉරාකයේදී, සොල්දාදුවෙකු ලෙස මමද ඔබලාගේ මුග්දකම් හා අපරාද වලට හවුල් වී ඇති බව , දැන් මම දනිමි. ඉරාක යුද්ධය යනු,ඇමරිකන් ඉතිහාසයේ සිදුකල විශාලම උපායමාර්ගික වරදය. එය මැද පෙරදිග බල තුලනය සම්පූර්නයෙන්ම විනාශ කලේය. එමගින් හිංසනය, ඝාතක කල්ලි හා බියගැන්වීම් මගින් සිය බලය තහවුරු කරගත් ඉරාන ලැදි දූශිත ආණ්ඩුවක් බැග්ඩෑඩයේ ස්තාපිත කලේය. එමගින් ඉරානය කලාපීය බලවතාබවට පත් කර ඇත.සෑම තලයේදීම එනම් සදාචාරමය වේවා උපායමාර්ගික වේවා හමුදාමය වේවා ආර්ථිකමය වේවා ‘ඉරාකය’ අසමත්ය. බුශ් මහතානනි, චේනි මහතානනි, මේ අසමත් ව්යාපෘතිය ආරම්භ කලේ ඔබය. එබැවින් එහි පලවිපාක වලට වන්දි ගෙවිය යුත්තේ ඔබ දෙපලය.

මම ඇෆ්ගනිස්තානයේදී ,9/11 ප්රහාරයට වගකිවයුතු බලවේගයන්ට එරෙහිව සටන් කොට තුවාල වූවානම් මේ ලිපිය නොලියනු ඇත.මා එහිදී තුවාල වූවානම්, ශාරීරික පිරිහීම හා නොවැලක්විය හැකි තදාසන්න මරණය නිසා මගේ දිවිය මෙලෙසම අභාග්යසම්පන්නවනු ඇත, එහෙත් අඩුතරමින් මා තුවාලවූයේ මා ආදරය කරන මගේ රට ආරක්ශා කරගැනීමට මා විසින්ම ගත් තීරනයක ප්රතිපලයක් ලෙසය යන අස්වැසිල්ල මට තිබෙනු ඇත. එසේ වූවානම්, වේදනානාශක ඖශඳ වලින් පිරවූ , ක්රමයෙන් ගිලිහෙන ජීවය සහිත මගේ ශරීරය සමග ඇඳේ වැතිර සිටිමින්ම, තෙල් සමාගම් කීපයක කෑදරකම වෙනුවෙන්, සෞදියේ තෙල් රාජකීයන් සමග ඔබේ ඇති සංධානය වෙනුවෙන් හා ඔබේ සිහින අධිරාජ්යය වෙනුවෙන් දහස් ගනන් මිනිස් ජීවිත, කුඩා දරුවන්ගේද, මගේද ඇතුලුව ඔබ විසින් බිලී දුන්නා නේද යන කාරනය සමග පොර බදන්නට මට සිදු නොවනු ඇත.

අනෙකුත් ආබාදිත සොල්දාදුවන් මෙන්ම මමද, විශ්රාමික සොල්දාදුවන්ගේ පරිපාලනායතනයෙන් සපයන උපස්තායක සේවාවේ නිරන්තර අඩුලුහුඩුකම් , නොහැකියාවන් ගෙන් පීඩාවට පත්වී ඇත. අනෙකුත් ආබාදිත සොල්දාදුවන් මෙන්ම මමද, අපගේ ශාරීරික හා මානසික තුවාල ගැන ඔබගේ හෝ සමහරවිට කිසිම දේශපාලකයෙකුගේ තැකීමක් නැති වග ප්රත්යක්ශ කොට ගතිමි. අපව පාවිච්චි කොට ඇත. අපව ද්රෝහී ලෙස පාවාදී ඇත. අවසානයේ අපව අත්හැරදමා ඇත. බුශ් මහතානනි ,ඔබ ක්රිස්තියානුවෙකුයැයි ඇඟවීමට නිතර මහත් ආයසයක් ගනී.නමුත් බොරුකීම පාපයක් නොවේද? මිනී මැරීම පාපයක් නොවේද? හොරකම, ආත්මාර්තකාමී අභිලාශයන් පාපයන් නොවන්නේද? මම ක්රිස්තියානුවෙකු නොවෙමි. නමුත් මම ක්රිස්තියානි පුරුෂාර්ත විශ්වාස කරමි. “ඔබේ සුලුම සහෝදරයාට ඔබ කරනා දෙය අවසානයේ ඔබටම, ඔබේ ආත්මයටම කරගනු ඇත” යනු මම විශ්වාස කරමි.

මගේ දවස පැමින ඇත. ඔබේ දිනයද පැමිනෙනු ඇත. ඔබව විනිශ්චයට ලක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. නමුත් ඔබේ නාමයෙන් මා වඩාත් බලාපොරොත්තු වන්නේ ජීවත් වීමට සුදුසුවූ මා මෙන්ම තවත් බොහෝ ගනනකට ඔබ කල දෙයට මුහුන දෙන්නට සදාචාරත්මක ධෛර්ය සොයාගන්නට ඔබට හැකි වේවි යන්නය. මේ ලොව තුල මගේ කාලය අවසන් වෙමින් යන්නාසේ, ඔබේ කාලය අවසන් වන්නට පෙර, ඇමරිකන් ජනතාවගෙන් සහ ලෝකයෙන් විශේෂයෙන්ම ඉරාක ජනතාවගෙන් සමාව අයදීමට අවශ්ය චිත්ත ධෛර්ය ඔබට ලැබේයයි මම අපේක්ෂා කරමි.
මෙයට,
තෝමස් යංග්

පසුවදන
තොමස් සිය ශරීරයට ආහාර සපයන නලය අක්රීය කොට ක්රමානුකූලව සිය ජිවිතය අවසන් කිරීමට තීරණය කර ඇත. ඔහුද ඇතුලුව මිලියනයකට අදික මිනිසුන්ගේ ජීවිත විනාශ කල, තවත් මිලියන ගනනකගේ ජීවිත අඳුරු කල මේ කෲර යුද්ධය සැමට එකසේ කුරිරු වූයේ නැත. මෙහි ජයග්රාහකයෝද සිටිති. මේ මළමිනී මතින් සෞභාග්ය උදාකර ගත්තවුන් ලෙස නම් කියැවෙන්නන් අතර කියැවෙන එක් පවුලක වාසගම නම් “surprise, surprise” …………බුශ් ය. නීල්, මර්වින්, ජෙබ් බුශ් ජනාධිපති අයිය මලෝලා , විලියම් ‘බකී’ බුශ් බාප්පා පමනක් නොව ජේෂ්ඨ ජොර්ජ් H.W. බුශ් හිටපු ජනාධිපතිද මෙසේ ඇෆ්ගන්,ඉරාක යුද්ධවලින් අධික ලාභ ලැබූ සමාගම් වල ආයෝජකයන්, කොටස් හිමියන්, උපදෙශකයන්, තැරැව්කරුවන් ලෙස ඩොලර් මිලියන ගනනක දැවැන්ත වත්කම් ප්රමාණයක් අත්පත් කරගත්හ. යුද්ධය යනු ඇමරිකන් ජනතාවගේ බදු මුදල් බුශ් පවුලේ බැංකු ගිනුම් වෙත මාරු කල ඍජු ක්රියාවලියක් විය.

ඇමරිකන් අවිආයුධ සමාගම් ඇතුලු දැවන්ත සමාගම්ද මේ කාලය තුල දැවැන්ත ආදායම් ඉපයීය. කොටස් වෙළඳපොල ඉහල ගිය අතර, ආයුධ සමාගම්වල ප්රදාන විධායක නිලදාරීන්ගේ (CEO) කරල පැහුනි. මේ යුද්ධ ආරම්භවී වසර කීපයක් ඇතුලත ආරක්ශක භාන්ඩ/සේවා සපයන සමාගම් 34ක ප්රදාන විධායක නිලදාරීන් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් උපයාගෙන ඇත. මොවුන් සියලුදෙනාම පාහේ කුප්රකට (MICC:Military- Industrial- Congressional Complex) මිලිටරිය, කර්මාන්ත ක්ශේෂ්ත්රය හා කොන්ග්රසයේ බලවතුන්ගේ සාමූහිකයට අයත්ය. මෙය ඇමරිකානු දේශපාලනයේ ප්රභල භූමිකාවක් රඟපායි. මෙය යකඩ ත්රිකෝනය ලෙසද හැදින්වෙන අතර මෙහි සමහර බලවතුන් විවිද කාලවකවානුවල මේ ක්ශෙෂ්ත්රයන් තුනේම විවිද ඉහල තනතුරු හොබවමින් අවසානයේ දැවැන්ත සමාගම් වල අවශ්යතා සපුරයි. මෙසේ ආයුධ සමාගම් වල සිටි ඉහල නිලදාරීන් 30කට අධික ප්රමානයක් බුශ්ගේ ආණ්ඩුවේ ඉහල තනතුරු දැරීය. උප ජනාධිපති ඩික් චේනි යනු මේ කැරකෙන දොරෙන් එහා මෙහා යන්නවුන් සඳහා හොඳම උදාහරනයකි. ජේෂ්ඨ බුශ් ජනාධිපතිගේ කාලයේ ආරක්ෂක ලේකම් ලෙස චේනි, Halliburton හා එහි අනුබද්ද සමාගම් වලට ඩොලර් බිලියන ගනන් වල කොන්ත්රාත් ලබාදෙයි. එමතනතුර අවසන් වද්දී ඔහු කෙලින්ම Halliburton සමාගමේ ප්රධාන විදායක(CEO) වෙයි. වසර 5ක් පමන එහිසේවයකරන ඔහු එයින් උපයන අදායම ඩොලර් මිලියන 45ක් පමන වෙයි. එතනින් ඔහු පැමිනෙන්නේ කනිෂ්ඨ බුශ් ගේ උප ජනාධිපති ලෙසය.

ඇමරිකාව ඉරාක යුද්ධයට තල්ලු කිරීමේ ඉහල කාර්යක් චේනි ඉටුකරයි. ඉරාක යුද්ධයේ ලොකුම ප්රතිලාභියා Halliburton වීම තව දුරටත් පුදුමයක් නොවේ. ඔහු උප ජනාදිපති වීමට පෙර ඔහුගේ බිරිඳ ලින් Lockheed Martin සමාගමේ සේවය කරන අතර , Halliburton හා Lockheed Martin සමාගම් එකල ඉරාක යුද්ධයෙන් වාර්ශිකව ලැබූ කොන්ත්රාත් වල වටිනාකම ලංකාවද ඇතුලු ලෝකයේ රටවල් 100ක පමන වාර්ශික දල දේශීය අදායමටත් වඩා වැඩිය.

මේගැන ලියනවානම් පොතක් වුවත් ලියන්නට කරුනු ඇත. විශේෂයෙන්ම මේ යුද්ධ දෙකට පාදක වූ සැබෑ ආර්තික දේශපාලන කාරනාද, මතුපිටින් වසා දමා ඇති යුධ අවි ජාවාරමේ ගඳගහන නාරාවලද ඇදහිය නොහැකි තරම් බියකරුය.නමුදු තොමස් යංග්ගේ ලිපියට පසු වදනක් ලෙස මේ හොඳටම සෑහේ යි සිතමි.

එක්සත් ජාතීන්ට හෝ එහි මානව හිමිකම් කමිටු වලට හෝ ඇත්තටම යුධ අපරාද වලට දඬුවම් දීමට අවශ්යනම් අන්තර් ජාතික අපරාධ අධිකරනයට ඉස්සෙල්ලාම කැඳවිය යුත්තේ බුශ්,චේනි වෙළඳ දෙබෑයන්වය. මේ කරුනු කාරනා සොයා යද්දී පසක් වන අනෙක් වැදගත් කාරනය වන්නේ යුද්ධ යනු මේ නියො ලිබරල් ධනවාදය පවත්වාගෙන යාමේ තවත් උපකරනයක් පමනක් බවය. දස දහස් ගනන් දරුවන්ගේද ජීවිත අහිමි වන යුද්ධ නැවත් විය හැක්කේ මේ සිස්ටම් එක වෙනස් කිරීමෙන් පමනි. බාලචන්ද්රන් ප්රබාකරන් ගැන හොටු පෙරාගෙන නාහෙන් හැඬූවන්ට කියන්නට ඇත්තේ බාලචන්ද්රන්ටද, මියයන අනෙක් දරුවන්ටද යුක්තිය ඉශ්ඨ කල හැක්කේ එමගින් පමනක් බවය.
enhanced-buzz-11496-1363797897-14

Advertisements

11-light-bulb-man

Story No1

මේ කතාව අපි කතාවකින්ම ආරම්භ කරමු……….. පරිඝණකයට ඈඳා ඇති ‘ප්‍රින්ටරයෙන්’ ලිපියක පිටපතක් මුද්ද්‍රණය කරමින් සිටි ස්පාඥ්ඥ ජාතිකයෙකුවූ මාර්කෝස්ට හදිස්සියේම සිය පරිඝණක තිරයේ දිස්වෙනව මෙන්න මේ වගේ දැන්වීමක්……..”Maintenance Call – Parts inside your printer are at the end of their service life”…..  මේක අප බොහෝ දෙනෙක් නිවසේදී හෝ කාර්යාලයේදී වරක්, දෙවරක් ලැබූ අත්දැකීමක්.  ඉතිං මාර්කොස් තමන්ගේ ප්‍රින්ටරය අරගෙන යනව වෙළඳ ආයතනයට අලුත්වැඩියා කරගන්න හිතාගෙන. ඒත් ඔහුට ලැබෙන්නේ සෑහීමකට පත්විය හැකි පිලිතුරක් නොවෙයි. ඉතිං ඔහු වෙනත් පරිඝනක දෘඩාංඟ විකුනන ස්තාන කීපයකටම සිය ප්‍රින්ටරය අරන් යනව රෙපෙයාර් කරගන්න හිතාගෙන.  ඒත් හැමතැනින්ම ලැබෙන්නෙ එක සමාන විසඳුමක්.  අලුත්වැඩියා කරන්න බැහැ,පාර්ට්ස් නැහැ, වියදම වැඩියි, වැනි නොයෙකුත් හේතු සමග යෝජනා වෙන අවසන් විසදුම අලුත් ප්‍රින්ටරයක් ගන්න කියන එකයි. ලෝකයේ බොහෝ දෙනෙක් කරන විදිහට අලුත් ප්‍රින්ටරය ගන්නවා වෙනුවට, මාර්කෝස් වෙනස් විදිහකට ක්‍රියාකරනවා. මෙය තමන්ටම අලුත්වැඩියා කරගත හැකිදැයි ඔහු අන්තර්ජාලය හරහා කරුනු සොයන්න ගන්නවා. එහෙත් අන්තර්ජාලයෙන් ලැබෙන තොරතුරු ඔහුව පුදුමයටත් කෝපයටත් පත්කරනවා. …….සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) යන වචනය මීට පෙර ඔබ අසා නැත්නම්, නිසැකවම මේ ලිපිය කියවීමෙන් පසු ඔබත් මාර්කෝස් මෙන්ම පුදුමයටත්, කෝපයටත් පත්වෙනවා නොඅනුමානය…..ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ ‘ප්‍රින්ටරයේ’ දෘඩාංඟ දෝශයක් නොව, ප්‍රින්ටරයේ නිශ්පාදිත සමාගම විසින් පූර්ව නිශ්චය කල පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කල පසු ප්‍රින්ටරය තුල ස්තානගත කල ‘ස්මාර්ට් චිපයක්’ මගින් එය ඉබේ ක්‍රියාවිරහිත කිරීමට සලස්වීමය. සිය ප්‍රින්ටරයේ සැබෑ දෝශය පසුපස ඇති දුශ්ඨ ආර්ථික ක්‍රියාවලිය පිලිබඳව පමනක් නොව වාසනාවට මේ දුශ්ඨත්වට එරෙහි සමාජ ව්‍යාපාර හා පුද්ගල සටන්ද ඇති බව අන්තර්ජාලය ඔහුට පසක් කර දෙනවා. මෙවැනි එක් රුසියානු ජාතිකයෙක් සිය වෙබ් අඩවියේ හුදු ලාබය තකා පරිඝනක උපාංඟ නිශ්පාදනය කරන සමාගම් වල නින්දිත සූරාකෑම හෙලිදරව් කරනවාට අමතරව ප්‍රින්ටර් වල මුද්‍රන පිටපත් සංඛ්‍යා ගණනය නැවත ප්‍රත්‍යාරම්බ (Reset) කිරීමට හැකි මෘදුකාංඟයක් නිර්මානය කර නොමිලේ ලබාදීමද කරනවා. මේ මෘදුකාංගය සමගින් කිසිදු අලුත්වැඩියාවකින් තොරව සිය ප්‍රින්ටරය නැවත් පනගන්වන්නට මාර්කෝස්ට හැකි වෙනවා.

ඉහත කතාව කෑගසා පවසන්නේ  මේ මොහොතේ අපේ ලෝකය වේගයෙන් අගාධයට ඇදගෙන යන නියො ලිබරල් අර්ථ ක්‍රමයේ සලු පිලි උනා දැමූ විට පෙනෙන විසකුරු භාවය මිස වෙනකක් නොවේ. ඔබේ ලැප්ටොප් පරිඝනකය සැමවිටම වසර තුනහමාරකින් අක්‍රීය වන්නේ ඇයි දැයි ඔබට ප්‍රශ්නයක් තිබුනානම් නැත්නම් ඔබේ ජන්ගම දුරකතනය අවුරුදු දෙකක් යන්නට පෙර මාරු කරන්නට සිදුවන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් තිබුනානම් දැන් ඔබට උත්තරය  ලැබී ඇත. අපේ සීයා 1970දී ගත් විදුලි පංකාවක් අවුරුදු 40කට පසුව තවමත් හොඳින් ක්‍රියාකරන නමුත් පසුගිය වසර විස්ස, විසිපහ තුල කුනු ගොඩට ගිය විදුලි පංකා ප්‍රමාණය මට පසක් කරන්නේ වෙනකක් නොව සැලසුම්ගත යල්පැනීමය. ඔබ බොහෝ දෙනෙකුටද එවැනි කථාවල් ඇතුවාට සැක නැත. මේ කථා සියල්ලේ සමාරම්භක කථාව හෙවත් ‘විදුලි බල්බයේ කුමන්ත්‍රණය’ සමස්ථ කථා වස්තුවේම ඉතා පැහැදිලි පිලිඹිබුවක් හෙයින් සැලසුම්ගත යල්පැනීම (Planned Obsolescence) ගැන කිය්ද්දී එය නොකියාම බැරිය. ඉතිං අපි ඒ කතාවට යමු.

Story No 2

මේ කතාවේ එන එකෝමත් එක රට ස්පාඥ්ඥය නොව ඇමරිකාවය. ඇමරිකාවේ කැලිෆොනියා ප්‍රාන්තයේ නගරයක් වන ලිවර්මොර්(Livermore)හි ගිනි නිවන බටයන්ගේ ගොඩනැගිල්ලක් තුල විශේෂ ආරක්ෂාවක් සහිතව පැය 24 මුලුල්ලේ විමර්ශන කැමරාවක් මගින් ආවරනය වන විදුලි බල්බයක් දැල් වෙමින් තිබේ. මෙහි විශේෂත්වයනම් ඉහත බල්බය වසර 1901 සිට අවුරුදු 110යකට වැඩි කාලයක් තවමත් හොඳින් දැල් වීමය. විදුලි බල්බයකට උපන්දින සාදයක් මේ ලෝකයේ පවත්වා ඇත්නම් ඒ වාසනාව හිමිවූයේ 2001දී ඉහත බල්බය සිය සියවන උපන්දිනය සැමරූ අවස්තාවේය. දහසකට ආසන්න නගර වැසියන් මෙම උපන්දින සාදයට සහබාගී වී ඇත. තොමස් එඩිසන් විසින් විදුලි බල්බය ලොවට දායාද කර වසර කීපයකට පසුව 1895හේ පමන මේ බල්බය ෂෙලිස් නැමැත්තෙකු විසින් නිර්මානය කර ඇත. එනම් විදුලි බල්බය බිහිවූ ආරම්බක කාලයේ පටන්ම දීර්ග කාලයක් දැල් විය හැකි බල්බ නිපදවීමේ තාක්ශනය ලොව සතුවී තිබුනු බවය. කොටින්ම තොමස් එඩිසන් 1881 නිර්මානය කල මුල්ම වානිජ්‍ය බල්බ පවා පැය 1500 කට වැඩි කාලයක් දැල්විය හැකිවී ඇත. ……………..නිකමට කල්පනා කර බලන්න ඔබේ ජීවිත කාලය තුල බල්බ කොතරම් ප්‍රමානයක් ඔබේ නිවසේ කුනු ගොඩට යන්නට ඇතිද කියා. ඒ සමගම විනාශ වූ ටංග්ස්ටන්, සිලිකා, ලෝහ, බලශක්ති ප්‍රබව ඇතුලු ස්වබාවික සම්පත් ප්‍රමාණය කොතරම්ද කියා….. අපේ කතාවේ බල්බය වැනි බල්බ අපට තිබුනානම් තත්වය කොහොමද?…………

එසේ නම් මේසේ සිදුවූයේ කෙසේද?…… කථාවේ ඉතුරු කොටස නැත්නම් හොඳම කොටස, එයය.

1920ගනන් වල ලොව පුරා බල්බ් නිශ්පාදකයන්ගේ අරමුන වූයේ වැඩි කාලයක් දැල්වෙන බල්බ තැනීමය. සිය නිශ්පාදන වල අනර්ගත්වය කියැවෙන එකල වෙළඳ දැන්වීම් දුටුවහොත් මෙය හොඳින් වටහා ගත හැක. එකල පැය 2500ක් පමන දැල්වෙන බල්බ වෙලඳ පොලේ බහුලව තිබින. නමුත් මේ දීර්ඝායුෂ බල්බ නිශ්පාදනයට දීර්ඝායුෂ තිබුනේ නැත. අද අප මේ මොහොතේ අත් විදින සැලසුම්ගත යල්පැනීමේ විසකුරු සූරා කෑමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ලොව බල්බ නිශ්පාදනය කරන ඕලන්දයේ Philips”, ජර්මනියේ ‘Osram’ ඇතුලු ප්‍රමුක සමාගම් එක්වී 1924 නිර්මානය කරගන්නා ෆීබස් (Pheobus) නම් වෙළඳ කාටලය බිහිවීමත් සමගය. මෙම කාටලයට ඇමරිකාවේ, යුරෝපයේ මතු නොව, ජපානයේ මෙන්ම එවකට අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිත් බවට පත්ව තිබූ බොහෝ ආසියානු ,අප්‍රිකානු රටවල සමාගම්ද අයත් විය. මොවුන්ගේ අරමුන වූයේ විදුලි බල්බයේ ගුනාත්මක භාවය අඩුකොට දැල්වීම පැය 1000කට වඩා අඩු කිරීමය. ඒ හරහා වැඩි බල්බ ප්‍රමානයක් විකුනා වැඩියෙන් ලාබ ලබා ගැනීමය. වසර කීපයක් තුල සිය දුශ්ට අරමුනු ඉටුකර ගන්නට මේ වෙළද කාටලය සමත් වෙයි. පසු කාලීනව මේ කාටලයට සම්බන්ඳ ලේඛන හදාරන ජර්මන් සමාජ විද්යාඥයෙකු වන හෙල්මුට් හෝග් (Helmut Hoge) විසින් ඉතා රහසි ගතව සිදුකල මේ ජඩ ක්‍රියාවලිය හෙලිදරව් කරනු ලබයි.

එතැන් පටන්, මේ ලෝකය එහි පරිසරය, සතා සීපාවා මතුනොව මිනිසුන්ද ආර්ථික ලාභය වෙනුවෙන් විනාශ කරමින්යන පවතින සිස්ටම් එකේ අනිවාර්‍ය අංගයක් බවට සැලසුම්ගත යල්පැනීම පත්විය. මුල් අවධියේදී සැලසුම් ඉන්ජිනේරුවන් සිය දැනුම හා කුසලතා තත්වයෙන් බාල භාන්ඩ නිශ්පාදනය උදෙසා පාවිච්චි කිරීමට යම් ප්‍රතිවිරෝධයක් දැක්වූවද ඔවුන් අභිබවා සමාගම් මුදලාලිලාගේ මුදල් අවසානයේ ජය ලැබීය. අද දවසේ ඉන්ජිනේරුවන්ට නම් භාන්ඩ සැලසුම් කල හැක්කේ සිය සේවාදායක සමාගමේ ලාභය උපරිම කලහැකි ව්‍යාපාරික උපායමාර්ගයන්ට යටත්වය. ඉහත කථා ද්විත්වයේ සඳහන්වූ Planned Obsolescence / Built-in-Obsolescence අමතරව මෙහිම තවත් මානයක් ලෙස Perceived Obselescence පවතියි. මෙහිදී සිදුවන්නේ භාන්ඩය සියයට සීයක් හොඳින් ක්‍රියාත්මක වුවද, මෝස්තරයෙන්,නවීනත්වයෙන් හෝ පිටත පෙනුමෙන් යල් පැන තිබීමය. ඇඳුම් පැලඳුම් විලාසිතා,ජංගම දුරකතන, මෝටර් රථ දීර්ඝ ලැයිස්තුවකට අයත් උදාහරණ කීපයකි. ක්‍රියාකාරීත්වයේ සුලු වෙනසක් හෝ බොහෝවිට පිටත පෙනුමේ වෙනසක් පමනක් හරහා පැරනි භාන්ඩ වීසිකර අලුත් මොඩල් එක මිලදී ගැනීමට බල කෙරෙන පෙලඹවීමයි. මෙය තනිකරම වෙළඳ දැන්වීම් හා මාධ්‍ය හරහා පාරිබෝගිකයන්ගේ මොල තුල නිර්මානය කරන දෙයකි. Credit Card , ලීසිං, කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම වැනි ණය කන්දරාවන් තමංට මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් ගැනීමට ඇති පෙලඹවීම තීව්‍ර කරයි. මෙසේ නිකරුනේ කුනුගොඩට යන භාණ්ඩ යනු අති දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමානයක් විනාශ කිරීමට ලැබෙන සහතිකයයි.

Pirates of the…………….Next Generation

අනාගත පරම්පරා ගනනාවක් වෙනුවෙන් ඇති ස්වභාවික සම්පත්, අතීතයේ වසර මිලියන ගනනක් පුරා නිර්මානයවූ ස්වභාවික සම්පත්, වර්තමානයේදී නිමේශයක් තුල කාබාසිනියා කරමින් ලාභයම පමනක් සොයන ලෝකයක් තුල අපි මංමුලාවූවන්සේ ඉබාගතේ දුවමින් සිටිමු. අතිශය සීමිත සම්පත් ප්‍රමානයක් අතැතිව මේ ක්‍රියාවලිය තව කොතරම් කාලයකටදැයි ඇසිය යුතු කාලය එළබ ඇත.  තව දුරටත් මේ නියෝ ලිබරල් ධනවාදය තුල මිනිසාට හෝ පෘතිවියට අනාගතයක් නැත. අධික වේගයෙන් අප ගමන් කරමින් සිටින්නේ අනිවාර්ය ව්‍යසනයක් කරාය. වටිනා ගහකොලද, සතා සීපාවාද පොසිල ඉන්දනද ඇතුලුව බොහෝ සම්පත් දැනටමත් අපට අහිමි වී ඇත, නො එසේනම් නුදුරේදීම අහිමිවීමට නියත විවරන ලබා ඇත. ලෝකයේ බොහෝ මත්ස්‍ය බිම් මෙසේ සූරාකා විනාශ කර ඇත, අද ඒවා මාලු නැති මුහුදු බවට පත්වී ඇත. ඇමරිකාව ප්‍රමුක බටහිර විසින් මෙසේ විනාශ කර දැමූ එක් කුප්‍රකට මත්ස්‍ය බිමක් නම් සෝමාලියාව අවට මුහුදු ප්‍රදේශයයි. අතීත සෝමාලියානු ධීවර ප්‍රජාව, අද මුහුදු කොල්ලකරුවන් වීමේ ප්‍රමුක හේතුව එයයි. අප, ඔවුන් මේ තත්වයට ඇද දැමූ ආර්තික මොඩලය වැළඳ ගනිමින් කොල්ලකරුවන්ට පයින් ගසමින් සිටිමු, එහෙත් ඛේදවාචකයනම් අපේ දරුමුනුපුරන්ගේ ඉරනමද ඔවැනිම වනු ඇති බවය.

Day light robbers

සුප්‍රකට ඇපල් සමාගමද, එහි මහ මොලකරු ලෙස සිටි (මෑතකදී මියගිය) ස්ටීව් ජොබ්ස්ද සිය මඩි තරකර ගැනීමට සැලසුම්ගත යල්පැනීම ඉහලින්ම භාවිතාකරන්නන් අතර ඉදිරියෙන්ම සිටී. Apple i-Pod එක වෙළඳ පොලට ආ අවදියේ එහි බැටරිය නිර්මානය කර තිබුනේ වසරකට ආසන්න කාලයකදී අක්‍රීයවීමටය, එහෙත් එවිට බැටරිය ප්‍රතිශ්ඨාපනය කිරීමේ කිසිදු ක්‍රමවේදයක් ඔවුන් සතුව නොවීය, ඒ වෙනුවට ඇපල් සමාගමේ උත්තරය වූයේ, බැටරියේ දෝශයට මුලු උපාංගයම විසි කර අලුත් එකක් ගන්නා ලෙසය. ඒ වනවිට ඇමරිකාවේ පමනක් i-Pod මිලියන 3ක් විකුනා තිබුනි. බොහෝ දෙනෙක් එසේ කලද, මෙයට විරුද්ද වූවන් ,සමාජ ක්‍රියාකාරීන්ද සමග එක්වී, අධිකරනයට යාමත් සමග පාදයක් පසුපසට තියන්නට ඇපල් සමාගමට සිදුවිය. ඒ අනුව උපාංගය වීසිකරනවා වෙනුවට බැටරිය මාරුකිරීමෙන් පමනක් නැවත යතා තත්වට පත්කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නට සමාගම එකඟ විය. එහෙත් අදටද විවිද මුහුනුවරේ සැලසුම්ගත යල්පනීම සිය නිශ්පාදන තුල කිසිදු හිරිකිතයක් නැතුව ලාභය වෙනුවෙන් පාවිච්චි කරන සමාගම් අතර ‘චැම්පියන්ලා’ ඇපල් විය යුතුය. සෑම විටම ලියාපදිංචි නොකල (Unregistered)මෝටර් රථයක් පැදවීම වැනි බොළඳ ආශාව තෘප්ත කර ගැනීමට, සෑම 6 මසකට වරක් තමන් පාවිච්චි කල බෙන්ස් කාර් එක ඉවත්කර අලුත් බෙන්ස් රථයක් ගත් ස්ටීව් ජොබ්ස් වැන්නෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වීමද එක අතකට විහිලුවකි. (ඔහු ජීවත් වූ ප්‍රාන්තයේ ලියාපදිංචි නොකර මෝටර් රථයක් මාස 6ක් භාවිතා කල හැකිය.) ස්ට්ව් ජොබ්ස් පඩි ගත්තේ ඩොලර් 1 (අනේ පවු කුක්කු පැටියා) වැනි ගොං පාට් ලියන රට තක්කඩියන් නොලියන ඇත්ත මේවාය.

Quietly flows the Odaw……………or is it?

මේ ඉවක් බවක් නැති නිශ්පාදනයේ අනික් අනිවාර්‍ය අංගය පරිසර විනාශයයි. හුස්ම ගැනීමට පිරිසිදු වාතය, බීමට සුදුසු වතුර ටික මේ මොහොතේද දුර්ලභ වස්තූන් වී හමාරය. ඉහල යන ගෝලීය උනුසුමද, එකක් පසුපස තවෙකක් ලෙස එන ස්වාභාවික විපත්ද, පරිසර විනාසයේ සුලබ ප්‍රතිවිපාකය. තුන්වන ලෝකයේ රටවල ගොඩ ගසන බටහිර රටවලින් වීසිකරන, විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික හා පරිඝනක අබලි කඳුද තවත් විපාකයකි. අප්‍රිකානු දුප්පත් රාජ්‍යයක් වන ඝානාවේ ඇග්බොලොශි හි ඔඩාව් (Odaw) නදිය හා ඒ අවට තැනිතලා පිටිය හඬගා කියා සිටින්නේ මේ විශම ආර්තික මොඩලයේ දුෂ්ටත්වයයි. මීට දශක දෙකකට පමන පෙර ඉතා සුන්දර නදී තෙරක් අසබඩ වූ සුපිරිසිදු මනරම් පරිසර පද්දතිය අද අබලි පරිඝනක හා උපාංග, ‘T.V’, රේඩියො උපාංග ගොඩ ගැසූ දැවැන්ත කුනු ගොඩකි,ජලය එකතැන රැඳී පල්වූ ලෙඩ රෝග පතුරන දුඟද හමන පල් වලකි, තැන ,තැන ලෝහ ලබා ගැනීමට මේ අබලි වලට ගිනි තැබීමෙන් නිකුත් වන විශ දුම් අහසට නැගෙන මර උගුලකි. එදා ඔඩාව් නදිය අසල සුන්දර පරිසරයක පාපන්දු ක්‍රීඩා කරමින් කෙලිදෙලෙන් දුව පැන්න සතුටින් පිරි මුහුනු සහිත දරුවන්ගේ දරුවන් අද දුප්පත් කමින් මිරිකෙමින් කේඩෑරිවී ගිය මුහුනු සහිතව වැරහැලි ඇඳගෙන මේ කුනු කන්ඳ මත යකඩ ඇතුලු වෙනත් ලෝහ සොයමින් යන කුනු බුදින්නන් වී ඇති සැටි මේ නියො ලිබරල් දහදුරාව ලෝකය ඇදගෙන යන දිශානතිය, එහි පාරිසරික ඵලවිපාක මතු නොව මානව ඛේදවාචකය පිලිබඳ කදීම එහෙත් අතිශය දුක්බර රූපසටහනකි.

අද අප දෑස් නිලංකාරව බලා සිටින මේ සුරංගනා මායාවට එපිටින් ඇති සත්‍ය තෙරුම් ගැනීම තව දුරටත් පමා කලනොහැකි වී ඇත.  එබැවින් අපට අසන, දකින, කියවන දෑ සියල්ල දෙස විවෘත මනසින් බැලීමට,විචාරාක්ශියෙන් බැලීමට හා විශ්ෂයෙන් මොලය පාවිච්චි කිරීමට බල කෙරී ඇත. මීට සති කීපයකට පෙර සිංහල බ්ලොග් එකක (නම මට හරියටම මතක නැත ), නිමල්,සුනිල් කමල් වැනි සුලබ නාමයන් හා මාතලං, බුවා වැනි බ්ලොග් නාමයන්ද, ඈදා ගෙන ‘ඉස්සන් වලක’ සරල උදාහරණයකින් සියලු ප්‍රශ්න වලට නියො ලිබරල් ධනවාදයේ උත්තර ඇතැයි සුරංගනා කතාවක් තිබුනා දුටුවෙමි. එහෙත් පැහැදිලි සත්‍ය නම් මේ සිස්ටම් එක එකක් ,පසුපස තවෙකක් ලෙස උත්තර නැති දැවැන්ත ප්‍රශ්න කන්දරාවක් නිර්මානය කරමින් යන බවය.  මේ මාලු වලේ මාලු බාන කුසල්හාමිලාගේ සුදු පිරුවට සලු පිලි උනා දැමූ විට හමුවන්නේ එක්කෝ, අරුනි ශපීරො ජාතියේ කුලියට ගජබින්නාලංකාරය ලියන රට තක්කඩියෙකි, නැත්නම් ඒ/ලෙවල් ඉකොනොමික්ස් වලින් රටේ ආර්තිකය විග්‍රහ කරන බන්දුල ‘ධන-රිණ’ ගුනවර්ධන පන්නයේ රට හරකෙකි. මේ කුමක් වුවද කියවන්නා සිහි බුද්දියෙන් කියවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වී ඇත්තේ තව දුරටත් මංමුලාවී සිටීම යනු අපේ මිනී වල අපිම කපා ගැනීමම වන බැවිනි.

End of the Story

‘සැලසුම්ගත යල්පැනීම’ ආශ්‍රිත අපේ අද කතාව අවසන් කිරීමට විදුලි බල්බය තරම් යෝග්‍ය වෙනකක් නැත. බාල විදුලි පහන් නිපදවීම ඇරඹූ කාලයේ සිටම දීර්ගායුශ බල්බ සදහා සැලසුම් බොහෝ ප්‍රමානයක් එලිදැක් වුවද ඒවා වානිජ්‍ය නිශ්පාදනය තුලට කිසිවිට වැද්ද ගත්තේ නැත. යලි එවන්නකට උදාහරන හමුවන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවූ නැගෙනහිර යුරෝපානු ‘සමාජවාදී’ කදවුර තුල කාර්මික අතින් වඩත්  ඉදිරියෙන්ම සිටි නැගෙනහිර ජර්මනියෙනි.  බටහිර ලාභය පදනම්වූ ආර්තික මොඩලයට එරෙහිව නැගෙනහිර රාජ්‍ය-ඒකාදිකාරී, එක අතකට අකාර්යක්ශම , මධ්‍යගත ආර්තිකයක් අඩසිය වසකට ආසන්න කාලයක් විශාල කාර්මීකරනයක් සහිතව වර්දනය විය. නැගෙනහිර ජර්මනියේ කම්හලක දීර්ඝායුෂ විදුලි බුබුලු නිපදවූ අතර, 80′ ගනන්වල වරක් ජාත්‍යන්තර වෙලඳ ප්‍රදර්ශනයකට ඉදිරි පත් කර තිබුනේ, බටහිර වෙළඳපොලට හඳුන්වාදීමේ උත්සහයක් ලෙසය. බටහිර රාජ්‍යයන් එකකවත් ඉහත බල්බ නිපද්වීමට හවුල්කාර සමාගමක් සොයා ගැනීමට නොහැකිවූ අතර, එවායේ සේවකයන්ගේ මතය වූයේ දීර්ගායුශ බල්බ නිපදවූවොත් වෙළදාම අඩුවී  තමන්ගේ රැකියා අහිමි වන බවය. එහෙත් ජර්මන් සමාගමේ ඉන්ජිනේරුවන්ගේ මතය වූයේ “දීර්ගායුශ බල්බ නිසා ඒවා නිශ්පාදනයට අවශ්‍ය ස්වභාවික සම්පත් දිගු කලක් ආරක්ශාවන නිසා සිය රැකියා දීර්ගකාලයකට සුරක්ශිත වන” බවයි. 89යේ බර්ලින් තාප්පය බිඳ වැටී නැගෙනහිර ජර්මනියද බටහිර ආර්තික මොඩලය වැලඳගැනීමත් සමග ඉහත බල්බයද අභාවයට ගිය අතර දැන් ඒවා දකින්නට ඇත්තේ කෞතුකාගාරවල ප්‍රදර්ශන භන්ඩයක් ලෙස පමණි.

නැගෙන්හිර ජර්මනියේ හෝ පැරණි සොවියට් රුසියාවේ හෝ පැවති යල්පැන්න සමාජාර්තික මොඩලය අදට නොගැලපුනද එම ප්‍රකාශයේ හරය ගත්විට අප කලයුත්තේ අපේ පමනක් නොව අපේ දරු මුනුබුරන්ගේ රැකියාද සමස්තයක් ලෙස මානව සංහතියේ පැවැත්මද ආරක්ශා කලහැකි වඩාත් ධරණීය ආර්තික මොඩලයක, සුසමාදර්ශ වෙනසක අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් සටන් වැදීමට නොපමාව නැගී සිටීමයි. විදුලි බල්බ කුමන්ත්‍රනයේ ප්‍රභල භූමිකාවක් රඟපෑ Philips අධිරාජ්‍යයේ වත්මන් පුරුකක් වන වොරන් ෆිලිප්ස් වසර 25ක් දැල් විය හැකි බල්බ නිශ්පාදනය කරමින් සිය දායකත්වය ලබාදෙමින් සිටියි. මෙසේ ලොව පුරා බොහෝ දැනුවත් මිනිසුන්, ගැහැනුන් තනි තනිව මෙන්ම, කුඩා කන්ඩායම් ලෙසද විවිද මානයන්ගෙන් මේ සටන දැනටමත් ආරම්බ කර ඇත. මිනිසත් බවේ නාමයෙන් එක්ව අත්වැල් බැඳගෙන පොදුසටනක් බවට පත් කිරීම හෙට දවසේ යහපත් ලොවක් ප්‍රර්තනා කරන සියල්ලන්ගේ අද දවසේ වගකීම, යුතුකම බව අවිවාදිතය.

‘කෙදිනක හෝ ඔබ සිහිනයක් දුටුවාද එය යතාවක් යයි ඔබ සම්පූර්ණයෙන්ම විස්වාස කල? කුමක් වෙයිද ඔබට එයින් අවදි වෙන්නට නොහැකිනම්? එවිට සිහින ලොව හා යථා ලොව ඔබට වෙන්කර හඳුනාගත හැකි වෙයිද?                                                                                                                                                                                                               The Matrix

මොහොතක් හිතේ මවාගන්න………., අවට ලෝකය පිලිබඳව ඔබේ දෑස් සැබෑවටම විවරවන නව තොරතුරු සමුදායකට ඔබ විවෘත වීමෙන්, මානසික හා ආධ්‍යාත්මික ප්‍රතිවින්‍යාසගත (Reconfiguration) වීමකට ලක්වූවොත්, ඔබේ අභ්‍යන්තර විශ්වාසයන් හා මෙහෙයුම් බලවේගයන් යාවත්කාලීන වීමකට ලක් වූවොත්. මොහොතක් හිතේ මවා ගන්න……….. දිනක් උදේ ඇහැරෙනවිට ඔබට ප්‍රත්‍යක්ශ වෙනවා…මෙතුවක් ජීවිතය පුරාවට සම්පූර්ණයෙන්ම සාමාන්‍යයැයි වටහාගෙන සිටි ලෝකය ඇත්තවශයෙන්ම වානිජ්‍ය ලෙස නිශ්පාදණය කල (Commercially Manufactured), ඔබේ පුද්ගල සම්බන්ඳතා මෙන්ම අවට ලෝකය සමග ඇති සබඳතා සියල්ල දෛනිකව කෘතීමව මෙහෙයවන මායාකරී යථාවක් බව’……

මේ සවිඥාණික විතැන් වීම අප වෙත එළඹ ඇතුවා පමනක් නොව මේ මොහොතේ ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් ප්‍රත්‍යක්ශ කරමින් සිටී. මේ ‘නිද්‍රාවෙන් අවදිවීමේ සංසිද්ධිය’ (‘The Wake Up Phenomenon’) රටින් රට හමායමින් තිබේ. ආණ්ඩු හා සංස්ථාවන් හසුරුවන ඉහල නායකයන් මෙය හොඳාකාරවම දන්නා අතර, එබැවින් මිනිසුන් අතර ඇතිවෙන සබඳතා, ස්වාධීණ සහයොගීතා මත අසමානතා අවබෝදය හා අයුක්තියට එරෙහි වීම වැලැක්වීමට සිය ශක්ති ප්‍රමාණයන්ගෙන් කල හැකි සියල්ල කරමින් සිටී. විමර්ශණාත්මක හා අපක්ශපාතී ප්‍රවෘති මූලාශ්‍ර මෙන්ම විශේෂයෙන් අන්තර්ජාලයේ දියුනුව හරහා අද දවසේ මිනිසා අන් කවරදාකටත් වඩා තමා අවට ලෝකය තුල සිදුවන දෑ අත්දකිමින් හිඳියි. විශේෂයෙන්ම පසුගිය වසර පහලොවක පමන කාලය තුල අපට තොරතුරු සඳහා ඇති ප්‍රවේශය ඝාතීය වර්ධනයක් (exponential growth) අත්පත් කරගෙන ඇත. එබැවින් අප ලෝකය වටහාගන්නා ආකාරය අපටම තෝරා ගැනීමට හැකිවී ඇත. එසේම අවට ලෝකය වැඩි වැඩියෙන් සවිස්තරාත්මකව දකින්නට ඕනෑතරම් අපට අවස්තාව සලස්වා ඇත.  පාරිසරික විනාශය, යුද්ධයේ කුරිරු විපාක,පරිසර දූෂණය, සත්ව හිංසනය, අධික ජනගහණ ඝනත්වය, පංති පරතරය,…සමගම සියල්ලට පාදකවුන සාදකයවූ, එහෙත් වර්තමාන ලෝක මෙහෙයුම් පද්දතිය වගේ වගක් නොපෙන්වන….’අප ජීවත් වන්නේ සීමිත සම්පත් සහිත සීමිත ග්‍රහලොවක බව’ අපට  සත්‍ය ලෙසම ප්‍රත්‍යක්ශ වීම ආරම්භ වී ඇත.

ජූලියන් අසාන්ජ්ගේ එක් සිත් කාවදින ප්‍රකාශයක් වූයේ… ” අයුක්තිය දැක දැක නිහඬව සිටින සෑම වාරයක් පාසාම අප කරන්නේ අපගේ චරිතය නිශ්ක්‍රීය වීමට පුහුනුකිරීමයි එහි අවසන් ප්‍රතිපලය වන්නේ අපට අපවමත් අපේ ආදරණීයයන්වත් ආරක්ෂා කර ගැනීමට ඇති සියලු හැකියාවන් අපෙන් ගිලිහී යාමයි“…… මෙතෙක්කල් අප අවට ලෝකයේ සිදුවන අයුක්තිය අසාධාරනය හමුවේ නිහඬව සිටීමට මිනිසා වර්ධනය කරගත් පුර්වමර්ශිත විසන්ධිය (Premeditated Disconnect)  අපව රැගෙන විත් ඇත්තේ (එරෙහිව ) සටන් කිරීම යනු තවදුරටත් නිවාඩු පාඩුවේ ඕනෑවට එපාවට ගත හැකි තීන්දුවක් නොවන තැනකටය.

*ධරණීය සංවර්ධනයක් සදහා වූ සුසමාදර්ශයක් (Sustainable Development Paradigm) වෙනුවෙන් ගන්නාවූ මොනයම් හෝ ආයාසයක් අසමත් වන්නේ ධරනීයත්වයේ ප්‍රශ්ණයට කෙසේවත් පිලිතුරක් දිය නොහැකි ලෙස යතාර්තයෙන් බොහෝ දුරස්වූ ආර්ථික සුසමාදර්ශය (Economic Paradigm) විසින් එය කෑදර ලෙස ගිලදමනා බැවින්ය.*(The Flawed Paradigms of Economics and Sustainable Development, Richard Sanders ).  මෙය පාරිසරික අත්‍යාවශ්‍යතා හා ආර්ථික අත්‍යාවශ්‍යතා අතර ඇති මූලධාර්මික ප්‍රතිවිරෝධය තේරුම් ගැනීමට අසමත්කම තුල හිරවී ඇත. කෙසේ වුවද මානව ශිෂ්ඨාචාරයේ පැවැත්මට තර්ජනයක් වී ඇති ධරණීයත්වයේ අනතුර,… වඩා හොඳින් විස්තර කරනවානම් ඉතා වේගයෙන් අභිසරනය වන (converging) ගෝලීය අර්බුදයන්ගේ ‘පරිපූර්ණ කුනාටුව’, සඳහා මානවයාට ඇති ප්‍රතිචාරය ලෙස තවදුරටත් පවතින්නේ ධරනීය සංවර්ධනයක් සඳහා වූ සුසමාදර්ශයයි. දේශගුණික විපර්‍යාසය (අනතුරුදායක මට්ටමින්), මුහුදු මට්ටම ඉහලයාම (මේ සියවසතුල මීටර් ගනනකින් විය හැක ), සාගර ආම්ලීකරනය, හයවන මහා ජීව වඳවීමේ තත්වය(පාරිසරික ජීව ආධාරක පද්ධති බිඳවැටෙමින් තිබීම ),බොර තෙල් හා අනෙකුත් සම්පත් නිශ්පාදණය මුදුනටම පැමින තිබීම,පාංශු ඛාදනය, පිරිසිදු ජල මූලාශ්‍ර අහිමි වීම,වන විනාශය, මත්ස්‍ය සම්පත සීග්‍ර ලෙස පහත වැටීම, මිනිස් ප්‍රජාවේ ඉතා විශාල පිරිසක් ගොදුරු වී ඇති දුප්පත්කම හා අසමානතාවය (පරතරය සීග්‍රයෙන් වැඩිවෙමින් තිබීම ) හා ලෝක ආර්ථික අර්බූදය, ඉහත කී ගෝලීය අර්බූදයන්ගෙන් සමහරකි. අද මිනිසා විසින් ලෝකය මෙහෙයවන්නේ එය හරියට ඈවරකිරීමකට ලක්වූ ව්‍යාපාරයක් ලෙසය.

සක්සුදක්සේ පැහැදිලි කාරණය නම් පවතින පද්ධතියේ මෙහෙයුම් කරුවන් සේ පෙනී සිටින මහා පරිමාන ව්‍යාපාරයන්ගේ සිට ආණ්ඩු දක්වා ආයතන තුල සිටින සුලුතරයගේ හදවත් තුල අපගේ ග්‍රහලොවේ හෝ එහි සිටින බහුතරයක් මිනිසුන්ගේ සුබ සාධනය අංශුමාත්‍රයකින්වත් ගැබ්වී නැතිබවය. නැතහොත් පෙන්නුම් කරන්නේ, ලෝකයට මේ මොහොතේ  අත්‍යාවශ්‍ය ප්‍රබල දිශානති වෙනස සිදු කිරීමට ඔවුන් වැඩකරන පවතින පද්ධතිය තුල ඔවුන්ට ඇති නොහැකියාවයි. අනිවාර්යයෙන් ඇතිවීමට නියමිත ව්‍යසනය හිසට ඉහලින් එල්ලෙමින් තිබෙත්දී හා පද්ධතිය නිසි ලෙස කලමණාකරනය කිරීම සඳහා අප විසින් චන්දය දී පත් කල වුන් ඒ සඳහා අවශ්‍ය රැඩිකල් පියවරයන් නොගන්නා තත්වය තුල මහ ජනතාවට ඉතුරු වී ඇත්තේ කඩාවැටෙන -සමහරුන්ට අනුව දැනටමත් කඩා වැටුනු- ලෝක මෙහෙයුම් පද්ද්තියේ කෑලි අහුලන්නටය. පසුගිය දශකය පමන කාලය තුල පෙර නොවූ විරූ ලෙස  සමාජමය සවිඥ්ඥානික ව්‍යාපාරයන් ලොව පුරා දැනුවත් ප්‍රජාව තුලින්ම මතුවිය. ‘Occupy’ ව්‍යාපාරය,’The Zeitgeist’ ව්‍යාපාරය,’Venus’ ව්‍යපෘතිය, අරාබි වසන්තය, ‘Wikileaks’  හා ‘අනොනිමස්’ උදාහරණයන්ය. මේ විවිධ ප්‍රජා ව්‍යාපාරයන්ට අනන්‍ය වූ න්‍යාය පත්‍ර තිබුනද සියල්ලන් සත්‍යය, යුක්තිය, ආණ්ඩුකරනයේ විනිවිදබාවය, සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් ජීවත්වන සමාජ සංස්තාවතුල කරනා අරගලය හරහා සමපාත වී ඇත. පෙර නොවූ විරූ ලෙස අද දවසේ තොරතුරු නිදහසේ ගලායමින් පවතියි. ලොව පුරා නිදහස් චින්තකයන් මෙය අවියක් සේ යොදා ගනිමින් මුල් ළමාඅවදියේ සිටම අප හැමට දේව භාශිත සේ ප්‍රගුණ කරවූ ප්‍රතිශ්ඨාපිත විශ්වාස පද්ධතීන් බිඳ දමමින් සිටී.

“තමන් නිදහස් යැයි බොරුවට විශ්වාස කරන්නා තරම් අන්ත වහල්භාවයට ලක් වූ වෙනකෙක් නැත”                                                                                                                                                                      –Johann Wolfgang von Goethe

සමාජ ක්‍රියාධරයෙකු වීමේ මාර්ගය අගනා ප්‍රතිඵල දෙන්නකි. නමුත් එය ඔබව නිරන්තර මානසික සටනක ගිල්ලවයි. මේ ප්‍රහේලිකාව ලිහා ගැනීම ගැන කියනවානම්, තොරතුරු බෙදාහැරීමේ හා තාක්ෂණයේ දියුනුවට පින්සිඳුවන්නට තවදුරටත් වලංඟු නැති යල්පීනූ ප්‍රතිශ්ඨාපිත මිත්‍යාවන්ගෙන් හා විශ්වාසයන්ගෙන් ඔබේ මනස සම්පූර්නයෙන්ම මුදා ගත යුතුය. එසේම පවතින ප්‍රධාන ධාරවේ චින්තනය ප්‍රගුන කල, ඔබ එදිනෙදා ඇසුරු කරන්නන් අතර යම් තරමක පිටස්තරයෙකු වීමටද ඔබ සූදානම් විය යුතුය. යතාවබෝධය ලැබීම මුලදී එකාතකට විනාශකාරී ක්‍රියාවලියකි.  එය අප දන්නා පරිදි හෝ සිතා සිටින පරිදි වඩාත් හොඳ තත්වයට පත්වීමක් හෝ වඩා සන්තුශ්ඨිදායක තත්වයක් ලබන ක්‍රියාවලියක් නොවේය. යතාවබෝධය යනු සියලු අසත්‍යයන්ගේ දිරා හැලීමකි. එය සත්‍ය වසාගත් ව්‍යාජ ප්‍රාකාරය විනිවිද බැලීමකි. එය අප මෙතෙක් සත්‍යයයි සිතා සිටි සියල්ලේ ඛාදනය වීමකි. මම ගමන් ගන්නා මාර්ගය නිවැරදිදැයි පුන-ආරක්ශණයක් (Reassuance) අවැසි සෑමවිටම රාත්‍රී තරු පිරි අහස නිරන්තරයෙන් මට අස්වැසුම සලසයි. විශ්වයේ දැවැන්තභාවය, මිලියන ගනන් චක්‍රාවාට තවම අපට මුන නොගැසුනු අතිදියුනු ජීවීන් හා ශිෂ්ඨාචාර ගැන සිතන විට……..ඒ සමගම මම මගේ සහෘද මිනිසුන් හා මා උපන් ග්‍රහලෝකය, මුලුමනින්ම පාහේ දුශ්ඨ සම්පත් බෙදීයාමේ විශමතාවය පවත්වාගෙන යන අපගේ ලෝක මෙහෙයුම් ක්‍රියාකාරීත්වය, සොබාදර්මය හා අනෙකුත් මිනිස් සඟයන් මත පවත්වාගෙන යන කූඨ, විනාශකාරී මිනිසාගේ පාලනය කිරීමේ ස්වභාවය, අපට ජීවත්වීම සඳහා ගොඩනගා ගත හැකි  හොඳම යථාර්තය ලෙස කැමැත්තෙන්ම භාරගත් ආර්ථික සිරගෙය….ගැන සිතන විට……. සබැවින්ම මම ගමන් කරන්නේ ඉතාම නිවැරදි මාර්ගයේ බව වහා මට පසක් වේ.

*කෙතරම් හරිත ව්‍යාපාර පැවතුනද ,ජනගහන වර්ධනයේ සිට සම්පත් පරිබෝජනය දක්වාත්, වන විනාශයේ සිට මුහුදේ මත්‍ය සම්පත අධිසූරාකෑම දක්වාත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනයේ සිට දළ දේශීය ආදායම දක්වාත්, සියලු දර්ශකයන්ගේ ප්‍රස්තාර රේඛා වක්‍රයන් 1950හේ සිට ගමන් කරන්නේ සම්පූර්නයෙන්ම වාගේ තිරස් අතට ඉහලට වන අතර නතර වෙන පාටක්ද පෙනෙන මානයේ නැත.*( The myth of a technological salvation, Paul Kingsnort ). මේ සියලු නැඹුරු තාවයන්ට ඇත්තේ එකම මූල දෝශයකි: සිය විනාශකාරී ගමන් මාර්ගයේ දිශානතිය වෙනස් කර ගැනීමට කිසිදු උනන්ඳුවක් නොදක්වන, මිනිසාගේ කෑදර ආර්ථික ක්‍රමයයි. එහි ගම්යතාවය කොතරම්දයත්, සමහරවිට අපේ සියලු නායකයන්ගේ හදවත් එකවිට උනුවුවද,දිශානතිය වෙනස් කරලීමට නොහැකි විය හැක. *ඇත්ත වශයෙන්ම කියතොත්, 2011දී ගොලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනය නව වාර්ථාවක් තබමින් ටොන් බිලියන 34ක් වී ඇති අතර – චීනය තවමත් හරිතාගාර වායු නිශ්පාධකයන්ගේ ලැයිස්තුවේ අංක එක හොබවයි – ජර්මානු පුද්ගලික පර්යේශනායතනයක අධ්‍යයනයකට අනුව 2009දී ලෝක ආර්ථික අර්බූදය නිසා කුඩා පරිමාන පසු බැස්මක් දැක් වුවද උඩුඅතට වන පරාවක්‍රය(Trajectory) නැවත ආරම්භ වී ඇත.* (New global CO2 emissions record in 2011, sbs.com.au)

මට පෙනෙන ආකාරයට මේ සාධක, පරිසිද්ධි, සංඛ්‍යා දත්ත අපට ගෙන එන්නේ  මතභේදයකින් තොරව සැමට එකඟ විය හැකි, ඉතා සරල පණිවුඩයකි. එනම් නුදුරේදීම අපේ ශිෂ්ඨාචාරය ඉතා තදින් බාධකයක ගැටීමට නියමිත බවත් ඉන්පසු එය කඩා හැලීමට නියමිත බවත්ය. එය සිදුවන්නේ හරියටම කවදා කෙසේදැයි කීමට මම තවම ආරම්භ නොකලෙමි, එහෙත් විකල්පය – සමූහ චිත්ත විපර්යාසයකට ලක්වීම -තවමත් වඩා හාස්‍යජනක විකාරරූපී අදහසය. එහෙත් අපවෙත හඬගා පවසන මේ සත්‍යය පණිවුඩය දෙස අවංකවම බැලීමට තවමත් උනන්දුවන්නේ අප සුලු පිරිසක් පමනි. ප්‍රශ්ණය සැබෑවටම ඇත්තේ අපේ චෛතසිකය තුල ගැඹුරටම කිඳාබැසය: අපි අප කවුදැයි අපටම කියාගන්නා කතන්දර වලින් සැබෑවටම සිදුවන්නේ කුමක්දැයි විශ්වාස කිරීම වලක්වා ඇත. සෑම ශිෂ්ඨාචාරයකටම පදනම් ගත මිත්‍යාවක් පැවතින.අපේ එය වර්ධනයේ මිත්‍යාවයි.

‘අවදිවීමේ සංසිද්ධිය’ සරලවම නියෝජනය කරන්නේ සත්‍යයය සෙවීම, ආණ්ඩු හා දැවැන්ත ව්‍යාපාරයන්ගේ විනිවිද භාවය, ලෝකයේ සියලු මිනිසුන් සමග සාධාරණ හා යුක්තිසහගත සම්පත් බෙදාගැනීමක් පිලිබඳ බලාපොරොත්තු සහගත ප්‍රාර්තනාවන්ය. එසේම මිනිසුන්මත බලහත්කාරී පාලනය, බිය ගැන්වීම,  මෙහෙයවීම පටවන දේශපාලණික හා ව්‍යාපාරික න්‍යායපත්‍රයට පමනක් මෙහෙකරන “ප්‍රවෘත්ති” නිර්මානය කරන, සිය න්‍යායපත්‍රයට එරෙහි මත වාරනය කරන ඒකාකාරී මාධ්‍ය ඝෝශාවට එරෙහි විකල්ප හඬය. නිද්‍රාවෙන් අවදිවීමට ඔබට අසම්මතයයි සම්මත ප්‍රශ්න අසන්නට සිදුවෙනු ඇත. විචාරශීලීව සිතන්නට සිදු වෙනු ඇත. විවිදාකාරයෙන් විවිද අවශ්‍යතා වෙනුවෙන් හසුරවනු ලැබූ ආයොජිත ‘සත්‍යයන්’ ගහන අද සමාජය තුල ඔබ දකින , අසන, කියවන සියල්ල විශ්වාස නොකිරීමට වගබලා ගත යුතුය. ඒවෙනුවට ඔබට මුනගැහෙන සෑම සහ සියලු තොරතුරක්ම ප්‍රශ්න කිරීමට ලක් කල යුතුය. එවිට තොරතුරු වලින් සන්නද්ධ වූ මනසින් හා විවෘත හදවතින් යුතු අපට එකතුවී ලෝකය නිද්‍රාවෙන් අවදි කල හැකි වෙනු ඇත.

‘The Ziestgeit Movement’ බ්ලොග් අඩවියට ‘ෂෝන් බේකර්’විසින් රචිත ‘The wake up phenomenon’ ලිපියේ පරිවර්ථනයකි.

 

ආම්ස්ට්‍රෝන්ග්ලාට අපලවූ සතියක් නිමා වූයේ සඳ මත පාතැබූ පලමු මිනිසා වීමේ භාග්‍ය ලද නීල් ආමිස්ට්‍රෝන්ග්ගේ නික්මයාම සටහන් කරමිනි. ඉතා නිහතමානී චරිතයක් ලෙස හැඳිවෙන නීල්, ලොවින් සමු ගත්තේ කිසිදින කිසිවෙකුට සමකල නොහැකි අනගිබවනීය සටහනක් තබාය. හරියටම කියනවානම් පිය සටහනක් සඳමත තබාය. ඔහුගේ වියොව වෙනුවෙන් පවුලේ උදවිය නිකුත් කල ප්‍රකාශයේ ‘මිනික්බිති පැහැදිලි රාත්‍රී අහසක සඳ ඔබ හා සිනාසෙන විට  නීල්ට ඇසක් ගැසීමට අමතක නොකරන ලෙස’ ඉල්ලා තිබිනි.(Next time you walk outside on a clear night and see the moon smiling down at you think of Neil Armstrong and give him a wink)  මමද ඔබෙන් එසේම ඉල්ලමි.

Hero to Zero

ලෝ ප්‍රකට අනික් ආම්ස්ට්‍රොන්ග් වන්නේ ලාන්ස්ය. පාපැදි ලෝකයේ සුපිරි තාරකාව වූ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග්ගේ වර්ණවත් ක්‍රීඩා දිවිය කලු පැල්ලමකින් අවසන් වූයේද පසුගිය සතියේය.  පාපැදි ලොවේ කිරුලු පලන් රජු වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට වසර කිහිපයක සිට එල්ලවෙන තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවන්ට එරෙහිව ඔහු කරමින් සිටි නීතිමය සටන අත්හරින බව ලාන්ස් පසුගියදා නිවේදනය කලේය. ඒ අනුව ඔහු ඇමරිකානු ‘ඇන්ටි ඩෝපින්’ ඒජන්සිය (USADA) ගෙනෙන චෝදනාවන්ට එරෙහිව කරුනු නොදැක්වීමට තීරණය කර ඇති අතර එබැවින් USADAය පරීක්ශණයකින් තොරවම ඔහු වැරදිකරු කරණු ඇත. මෙය හුදෙක් ආම්ස්ට්‍රොන්ග් යන තනි පුද්ගලයාගේ ප්‍රශ්ණයක් නොව, සමස්ත ක්‍රීඩා ලෝකයම වෙලාගනිමින් ඇති ඛේදවාචකයක ජීවමාන පිලිබිඹුවන්ය. මේ ඛේදවාචකය අනෙකක් නොව, සියලු ගුන යහපත්කම් පිරිහෙමින් යන යුගයක ක්‍රීඩාවේ වටිනාකම්ද මුදලට යට වීමේ ප්‍රතිඵලයන්ය. කුණු වෙමින් යන සමාජය වෙනුවට, සැබෑවටම යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරනා ගැහැනුන්ගේ, මිනිසුන්ගේ සංවාදයට මේ මාතෘකාවද අනිවාර්ය විය යුතුය. මක්නිසාද යත් අද දවසේ දරුවන් සිය ක්‍රීඩා වීරයන් දෙස බලා ඉගෙනගන්නේ ක්‍රීඩාශීලිත්වයද නැත්නම් කෙක්කෙන් හෝ කොක්කෙන් සල්ලි මල්ලක් ඩැහැගැනීමද යන්න හෙට දවසේ ලෝකය යහපත් තැනක්ද නැද්ද යන්න තීරනය කරනු ඇති බැවිනි.

ශරීරය පුරා විහිදුනු පිලිකාවක් පරාජය කර ජීවිතය ජය ගන්නා ‘ලාන්ස්’ ඉන්පසු ‘ටුවර් ඩි ෆ්‍රාන්ස්’ (Tour de France )පාපැදි ශූරතාවය පිට පිට හත් වරක් ජයග්‍රහනය කරයි (1999-2005). ලොව ක්‍රීඩා අතරින් මිනිස් ශාරීරික හා මානසික ශක්තීන් අන්තයටම උරගා බැලෙන අතිශය වෙහෙසකර තරඟයක් ලෙස පිලිගැනෙන ‘Tour de France ‘ හත් වරක් ජය ගැනීම යනු ඇදහිය නොහැකි තරමේ ක්‍රියාවකි. ලාන්ස් පාපැදි ක්‍රීඩාව මතු නොව සමස්ත ක්‍රීඩා ලෝකයේම අසමසම ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට වැටෙන්නේ එබැවිනි. අවිවාදයෙන්ම ඔහු පාපැදියේ ඩොන් බ්‍රැඩ්මන් ය, පාපැදියේ මොහොමඩ් අලි ය.  ලක්ශ සංඛ්‍යාත දරුවන්ගේ ‘පරමාදර්ශී’ චරිතයක්ද විය. ක්‍රීඩකයෙකු ලෙස පමනක් නොව ‘ලිවින් ස්ට්‍රොන්ග්’ (Livingstrong Foundation) නමින් ඔහු පවත්වාගෙන යන පදනම හරහා පිලිකා රෝග මර්දනයට ලාන්ස් දක්වන දායකත්වය නිසාද මිලියන ගනනක් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් තුල දිදුලන දීප්තිමත් තරුවක් විය .

මෙවැනි දැවැන්තයෙකුගේ හිසට ඉහලින් ඇති කලු පැල්ලම සමස්ත ක්‍රීඩාවේම අඳුරු ඉරනම ප්‍රක්ශේපණය කරයි. ක්‍රීඩාව යනු ‘ජය පරාජය සමසේ භාර ගැනීම, ක්‍රීඩාශීලිත්වය, සාධාරනත්වය වෙනුවට හොඳින් හෝ නරකින් ජය ගැනීම ලෙස ලඝුවී තිබීම කෙතරම් ශෝචනීයද? පාපැදි ක්‍රීඩාවේ මේ තත්වය කෙතරම් බරපතලද යතොත් ලාන්ස් ජයගත් හත් වතාවේම ඔහුට දෙවෙනියන් වූ සියලු දෙනාම සිය ක්‍රීඩා දිවිය තුල තහනම් උත්තෙජක භාවිතා කොට අසුවී තිබීමය.

                                                     Image

ක්‍රීඩකයෙකුට , ක්‍රීඩිකාවකට ලැබිය හැකි ඉහලම ගෞරවය, අභිමානය තම රට, තමන්ගේ ජනතාව අන්තර්ජාතික තලයේදී නියොජනය කිරීම යන්නද ක්‍රමයෙන් යල්පනිමින් පවතී. ඒ වෙනුවට තමන්ගේ බැංකු පොතට වැටෙන මුදල් ප්‍රමානය ඉදිරියට එමින් පවතී. අපේ රටේ බොහෝ දෙනාගේ ආදරයට ලක්වූ ක්‍රීඩාවක් වන ක්‍රිකට්ද අධික වානිජ්‍යකරණය තුල මුදලට යටවී යාමේ අවදානමට ලක් වී ඇත.

K.P. -Black Sheep of English Cricket

මෙහි අලුත්ම සිරස්තල සපයන්නා වී ඇත්තේ එන්ගලන්ත සුපිරි ක්‍රීඩක K.P. හෙවත් කෙවින් පීටර් පීටර්සන් ය. IPL ඇතුලු මුදලට ක්‍රීඩාකරන විස්සයි/විස්ස තරඟාවලි නිසා ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට නැතිවී යාමේ අවදානම මේ වන විට බොහෝ සේ යතාර්තයක් බවට පත් වී ඇත. ආක්‍රමනශීලී, ප්‍රවේගවත් පිති හරඹය කෙවින්ගේ ආවේනික රටාව වන අතර, විශේශයෙන් පීඩනයක් තුලදී ප්‍රතිවාදී පංඳු යවන්නන්ට එලව එලවා පහරදීමට ඇති හැකියාව ඔහුව විශිශ්ඨත්වයට පත් කර ඇත. ඊට අමතරව ඔහුගේ බොක්සින් ක්‍රීඩකයෙකුට සරිලන ආරෝහ පරිනාහ දේහයද , කඩවසම් පෙනුමද සිය මතය ප්‍රකාශ කිරීමට නොපැකිලෙන ස්වභාවයද කෙවින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ආකර්ශණීය චරිතයක් බවට පත් කර ඇත. පිටිය පුරාවටම පහරවල් ඇති K.P.  අවිවාදිතවම වර්ථමාන එන්ගලන්ත කණ්ඩායමේ අංක එකේ පිතිකරුවාය.

ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ආසන්නම හේතුව එන්ගලන්ත ක්‍රීඩකාගාරය තුල විශෙෂයෙන්ම නායක ඇන්ඩෘ ස්ට්‍රවුස් සමග පැවති යම් ප්‍රතිවිරොධයන් හා මෑතකදී පැවති ද. අප්‍රිකාව සමග ටෙස්ට් තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කන්ඬායමේ සඟයන් සමග කෙවින් හුවමාරු කරගත් කෙටි පනිවිඩයන්(Text Masseges) තුල සිය නායකයා සම්බන්ඳව විවිද දේ පවසා තිබීමය. එහෙත් ඔහු එන්ගලන්ත ක්‍රිකට් පාලක මංඩලය සමග ප්‍රශ්ණ හදා ගත්තේ IPL තරගාවලිය පවතින සම්පූර්ණ කාලය තුල ඔහුව ජාතික කණ්ඩායමේ රාජකාරී වලින් නිදහස් කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ශේප වීමත් සමගය. මේ අලකලන්චියේ ප්‍රධාන හේතුව IPL යැයි තමන් විශ්වාස කරන බව එන්ගලන්ත පුහුණුකරන/කලමනාකරන කණ්ඩායමේ ප්‍රධානී ඇන්ඩි ෆ්ලවර් (Andy Flower) මාධ්‍යයට ප්‍රකාශ කලේය. ඒ අනුව පසුගිය T20 ලෝක කුසලානයේ, තරඟවලියේ වීරයා සම්මානය ලබමින් එන්ගලන්තයට ශූරතාවය දිනා දුන් K.P.ගේ දස්කම් දැකීමේ වරම මෙවර ලංකාවේ පවත්වන T20 ලෝක කුසලානයේදී අපේ ක්‍රීඩාලෝලීන්ට අහිමි වනු ඇත.

බටහිර ඉන්දීය සුපිරි පිතිකරු ක්‍රිස් ගෙල්ද මේ හේතුව නිසාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියට වසරක පමණ කාලයක් අහිමිවිය.  අපේ අංක එකේ පංඳු යවන්නා වන ලසිත් මාලිංගද මේ පාරෙම යාවිදැයි දැනටමත් සැක සංකා පහල වී ඇත.  මේ ගඳගහන සමාජාර්ථික මොඩලය තුල ක්‍රීඩකයන් ජාතික සම්පත් බවට පත්වෙනවා වෙනුවට, සමාගම් මුදලාලිලා අත නැටවෙන රිලා පෝතකයන් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

                                                  Image

The Dirtiest Race in the History

ඔලිම්පික් මීටර් 100 ධාවන තරඟය යනු වැඩිම ක්‍රීඩා ලොලීන් පිරිසක් පිටියට කැඳවන වැඩිම ප්‍රේක්ශකයන් ප්‍රමානයක් TV තිර ඉදිරියට ගෙන්වන ආකර්ශණීයම ධාවන තරගය යැයි කීවොත් නිවැරදිය.  1988 සෝල් (Seoul) ඔලිම්පික් උලෙලේදී මෙහි තීව්‍රතාවය තවත් වැඩිවූයේ වරි වර ලෝක වාර්තාවට හිමිකම් කී ක්‍රීඩකයන් තිදෙනෙකු සහිතව සුපිරි කෙටි දුර ධාවන තරු පංතියක්ම සහභාගිවීමය. මෙයිනුත් වඩාත්ම ආකර්ශනීය යුගලය වූයේ එවකට මළල ක්‍රීඩාවේ ‘මයිකල් ජැක්සන්’ ලෙස හැදින්වූ ඔලිම්පික් කිරුලටද හිමිකම් කිවූ සුපිරි ඇමරිකානු ක්‍රීඩක කාල් ලුවිස් හා ඔහුගේ නොම්මර එකේ ප්‍රතිවාදියා හා එවකට ලෝක වාර්තාවේ හිමිකරු වූ කැනඩාවේ බෙන් ජොන්සන්ය.  ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස නම් ලැබූ මෙය නිමා වූයේ බෙන් ජොන්සන් ලෝක වාර්තාවක්ද සමගින් විශ්වයේ වේගවත්ම මිනිසා ලෙස කිරුලු පැලදීමෙන්ය.

එහෙත් එම කිරුලට දීර්ඝායුශ නොතිබි අතර එය පැවතියේ පැය 55ක් වැනි කෙටි කාලයකි. ජොන්සන් තහනම් උත්තේජක භාවිතා කල බවට ඔප්පු වූ අතර ඔහු ක්‍රීඩාවේ දුෂ්ටයෙකු ලෙස පරිබව ලැබීය.  බොහෝ දුරට මළල ක්‍රීඩා කවය තුලට සීමාවී තිබූ මේ මාතෘකාව, ප්‍රසිද්ධ මාතෘකාවක් වන්නේ ඉහත සිද්දියත් සමගය. එහෙත් බෙන් ජොන්සන් දුෂ්ටයා කොට නිමාවූ නාටකයේ වීරයන්ගේ පැටිකිරිය හෙලිවන්නේ පසු කාලීනවය. තරගයේ දෙවෙනියාවූ කාල් ලුවිස් ද තෙවෙනියාවූ බ්‍රිතාන්‍යයේ ලින්ෆඩ් ක්‍රිස්ටි ද ඇතුලුව තරග වැදි 8දෙනාගෙන් 6දෙනෙකුම තනම් උත්තෙජක සම්බඳ වැරදි වලට හසුවිය. බ්‍රසීලයේ රොබ්සන් ඩා සිල්වා හා ඇමරිකාවේ කැල්වින් ස්මිත් කිසිදින චෝදනාවකට ලක් නොවූ ක්‍රීඩකයන් දෙදෙනාය. ඉතිහාසයේ විශිෂ්ටම තරගය ලෙස එදා හැදින්වූ මේ තරගය අද හඳුන්වන්නේ ඉතිහාසයේ අපවිත්‍රම ධාවන තරගය ලෙසය. තරගයෙන් අනතුරුව සිදුකල තහනම් උත්තේජක සදහා කරන මුත්‍රා සාම්පල් පරීක්ශනය සම්බන්දයෙන් මතුවන අතුරු කතාවන්ද මෙය තවදුරටත් කිලිටි කිරීමට හේතු විය.

                  Image

මෙය තමාව කොටු කර ලීමට කාල් ලුවිස් ගේ ඇමරිකානු කඳවුර කල කුමන්ත්‍රණයක් බව බෙන් ජොන්සන් පවසනවා. තමන් වසර ගනනාවක් තිස්සේ ස්ටෙරොයිඩ් භාවිතා කල බව ජොන්සන් පිලිගන්නා නමුත් ඔහු එතෙක් කිසි දිනක හසු නොවී තිබීම මෙන්ම ඔලිම්පික් තරගයේ මුත්‍රා සාම්පල වල තිබි හසුවන්නේ ඔහු පාවිච්චි කල උත්තෙජකය නොව වෙනත් ස්ටෙරොයිඩයක් වීමද ඔහුගේ කතාවට අවදානය යොමු වීමට හේතු විය. බෙන්ට අනුව මුත්‍රා සාම්පල් ලබා ගන්නා මධ්‍යස්තානය තුල ඔහු ලඟින් ඉඳගෙන සිටි අභිරහස් පුද්ගලයෙකු විසින් තමා පානය කල බීමට මෙය එකතු කල බවයි. පසු කලෙක කාල් ලුවිස් ගේ එවක කළමනාකරු ජෝ ඩග්ලස්, බෙන් පවසන අභිරහස් පුද්ගලයා තමන් විසින් යෙදවූවෙක් බව පිලිගන්නා නමුදු ඔහුට පැවරී තිබුනේ බෙන් ජොන්සන් සිය තහනම් උත්තෙජකය වසන් කිරීමට හැකි යමක් පානය කරනවාදැයි ඔත්තු බැලීමට බව පවසයි. එසේම මෙම පුද්ගලයාව, විශේෂ ආරක්ශාවක් සහිත ඇන්ටි ඩොපින් මද්‍යස්තානයට ඇතුල් කිරීමට තමන් පොඩි ගැටයක් ගැසූ බවද පවසයි(I played some games). මේ අභිරහස් පුද්ගලයාව පත්තර වාර්තාකරුවෙක පසු කලෙක හෙලිදරව් කරගන්නා අතර,ඔහු  ඇන්ගෝලාවේ ප්‍රභල දියමන්ති ව්‍යාපාරිකයෙක් වන ඇන්ඩ්‍රේ ජැක්සන් වෙයි. ඔහු ජොන්සන්ගේ පානයට යමක් එකතුකලාදැයි අසන ප්‍රශ්නයට,……… ‘සැබවින්ම, මට කිවහැකියි මම එසේ නොකල බව එසේම මම කලබවද කිව හැකියි…ඒත් කුමක්ද එයින් දැන් ඇති ඵලය’ ලෙස පිලිතුරු දෙයි.  

මේ චෝදනා ප්‍රතිචෝදනා කුමක් වුවද අවසානයේ පරාජය වී ඇත්තේ ක්‍රීඩාව මිස පුද්ගලයන් නොවේ. කීර්තිය අහිමි වී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. විශ්වසනීයත්වය බිඳී ඇත්තේ ක්‍රීඩාවේ මිස පුද්ගලයන්ගේ නොවේ. දුෂ්ටයා බෙන් ජොන්සන්, K.P.  හෝ ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් නොව සියලු ශුද්ධවූ දේ කිලිටි කරමින් යන මේ දුර්දාන්ථ සමාජ ආර්තික ක්‍රමයයි. නිර්මානය වී ඇත්තේ ඕනෑම තක්කඩි කමක් කර දිනීමට, තමන්ව නිර්මානය කල රටට ඉහලින් ඩොලර් මිටි තැබීමට සූදානම් ක්‍රීඩා ලෝකයක් නැතිනම් තරගයක් දෙකක් පාවාදී කීයක් හරි හොයා ගන්නට සූදානම් ක්‍රීඩා ලෝකයක්ය. දූෂන ,අසාදාරනකම් ක්‍රීඩාවේ සෑම අස්සක් මුල්ලක් කරාම පැතිරීමින් පවතී. වසර ගනනාවක් පවත්ගෙන එන නීති, රීති, ආචාරධර්ම සියල්ල , මුදල් ඉදිරියේ බිඳ වැටෙමින් තිබේ. මෑතකදී පැවති විම්බල්ඩන් තරගාවලියේ දස්කම්, ශ්‍රේනිගත කිරීම් නොතකා වඩා ආකර්ශනීය, වානිජ්‍ය වටිනාකමින් වැඩි ටෙනිස් ක්‍රීඩිකාවන්ට ප්‍රමුක ටෙනිස් පිටි ලබා දුන් බවට වූ චොදනා වලින් කියවෙන්නේ එයය.

අන් ක්ෂෙත්‍ර වල මෙන්ම ක්‍රීඩාව තුලද ප්‍රමාදර්ශි චරිත වඳවී ගොසින්ය. එහෙත් අද ලෝකයට අත්‍යාවශ්‍යව ඇත්තේද් ඔවුන්ය. මීට දශක හතරකට පමන පෙර “කියුබානුවන් මිලියන 8කගේ ආදරය ඉදිරියේ ඩොලර් මිලියනයක් යනු කුමක්ද” යි, පවසා ඩොලර් මිලියන 5ක කොන්ත්‍රාත්තුව ඉවතලූ ප්‍රතිපත්ති ගරුක තියොෆිලො ස්ටීවන්සන් (Teofilo Stevenson) වැනි විශිෂ්ට ක්‍රීඩකයන්ගේ අගය අද දවසේ එදාටත් වඩා වටින්නේ එබැවිනි.

විශ්වයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල, ඔලිම්පික්ස් 30වෙනි වරටත් මෙවර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී සුපුරුදු අභිමානනීයත්වයෙන් මුලු දෙයි. වසර 116ක වර්නවත් ඔලිම්පික් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් බොහෝය.  කළු ඇමරිකානුවන් වූ ජෙසී ඔවෙන්ස්ගේ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4(1936 බර්ලින්) එම සුවිසේශි වාර්තාව සම කල කාල් ලුවිස්ගේ රන් 4(1984 ලොස් ඇන්ජලීස්) වගේම සුදු ඇමරිකානුවන් වූ මාක් ස්පිට්ස් ගේ පිහිනුම් රන් පදක්කම් 7(1972 මියුනික්), මයිකල් ෆෙල්ප්ස්ගේ පිහිනුම් රන් 8(2008 බීජින්), ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ගේ ලෝක වාර්තා තුනක් සමග රන් පදක්කම් 3(2008 බීජින්)වැනි සුමිහිරි මතකයන් බොහෝය. එසේම ලොවම කම්පා කල, ඊශ්‍රායල් ක්‍රීඩකයන්/නිලදාරීන් 11ක් මරුමුවට පත්වූ 1972 මියුනික් ප්‍රාණ ඇපකරු ඛේදවාචකය. ලොව පුරා පුවත් පිටු පිරවූ කැනඩාවේ බෙන් ජොන්සන්ට වේගවත්ම මිනිසා කිරුල අහිමි කල තහනම් උත්තේජක චෝදනාව(1988 සෝල්) වැනි ඔලිම්පික් කලු පැල්ලම්ද මේ මතක අතර වෙයි.

එහෙත් 1968 මෙක්සිකෝ නගරයේ පදක්කම් අනුවේදිකාව (Medal Podium) මත සිට ටොමි ස්මිත් හා ජෝන් කාලෝස් විසින් දැක්වූ “කලු ශක්තියේ ආචාරය” (Black Power Salute) ඔලිම්පික් වංශකතාව තුල මෙතෙක් ප්‍රක්ශේපනය කල අතිශය ප්‍රභලතම පිලිබිඹුව බව අවිවාදිතය.

පතුලටම යනතුරු වර්ගවාදයේ ගිලී සිටි ‘සුදු’ ඇමරිකාව සසල කල මේ සිදු වීම , සුදු බටහිර ආධිපත්‍යට නතුව තිබූ ඔලිම්පික් සංස්තාවේ පදනම්ද දෙදරවා හැරියේය. ටොමී එම ඔලිම්පික් උළලේ මීටර් 200 ලෝක වාර්ථාවක්ද තබමින් ජය ගත් අතර කාලොස් එම තරඟයේ ලෝකඩ පදක්කම් ලාභියා විය.Image

“මම සිටියේ ‘ලෝක වේදිකාව’ මත….මානව ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාව ක්‍රියාවට නගමින්……මිනිස්සු ගෙව්වේ පසුගාමී ජීවිත…එක්සත් මතවාදයක අවශ්‍යතාව…ඔවුන් තේරුම් අරන් තිබ්බෙ නැහැ”  ටොමී ස්මිත් පසු කලෙක පැවසීය.

ඔහු සහ කාලෝස් සුප්‍රකට ඔලිම්පික් වේදිකාව මත සිට තේරුම්ගන්නට බල  කලේ අනෙකක් නොව ‘කලු ඇමරිකාවේ’ වේදනාවයි. බැලූ බැල්මට සරල අභිනයක් සේ දිස්වුනු ඔවුන්ගේ කැරලිකාරී ක්‍රියාව තුල, ඇත්තටම සංකීර්ණ සංඛේත ජාලයක් විය. ටොමීගේ ඉහලට එසවූ ‘කලු අත්වැස්ම’ සහිත දකුණු අත කලු ශක්තිය නිරූපණය කල අතර කාලෝස්ගේ කලු අත්වැස්ම සහිත ඉහලට එසවූ වම් අත කලු එක්සත්භාවය සංඛේතවත් කලේය. ටොමීගේ කලු කර පලදනාව කලු අභිමානයද,දෙදෙනාම පාවහන් රහිතව කලු මේස් පමනක් පැලඳ සිටීමෙන් කලු ඇමරිකාවේ දුප්පත් බවද සංඛේතවත් කලේය.

මේ තරඟයේ රිදී පදක්කම් ලාභියා වූ සුදු ජාතික ඕස්ට්‍රෙලියානුවෙකු වූ පීටර් නොර්මන්ද සිය කලු සඟයන් දෙදෙනාගේ ක්‍රියාවට සහෝදරාත්මක සහයෝගය දක්වමින් ‘මානව හිමිකම් සඳහා ඔලිම්පික් ව්‍යාපාරයේ’ (Olympic Project for Human Rights) ලාංචනයක්(Badge) සිය කමිසයේ පැළද සිටියේය. ටොමීගේ හා කාලෝස් ගේ අහිංසාවාදී කැරැල්ල ක්ශනික හෝ අහඹු සිදුවීමක් නුවූ අතර ‘මානව හිමිකම් සදහා ඔලිම්පික් ව්‍යාපාරය’ (OPHR) සමග ඔවුන්ගේ තිබුනු සම්බන්ඳය මෙන්ම කාලෝස් හා එකල ප්‍රකට ‘කලු’ ක්‍රියාධරයෙක් වූ හා  ඝාතනයට ලක්වූ මැල්කම් එක්ස් (Malcolm X)  අතර සිදුවූ හමුවීමද තීරනාත්මකව බලපෑවේය. එවකට තිබුනු ලෝක දේශපාලනික සංදර්භයද යම් උත්තෙජකයක් වූවා නිසැකය. කලු සටනේ පතාක යෝධයෙකු වූ මාටින් ලූතර් කිං ඝාතනය වී මාස 6ක්වත් ගත වී නොතිබින. අධිරාජ්‍යවාදීන් දන ගැස්සූ වියට්නාම් ගරිල්ලං එල්ල කල සුප්‍රකට ටෙට් ප්‍රහාරය(Tet Offensive) මෙන්ම ප්‍රංශ සිසු නැගිටීමද සිදු වූයේ මේ වකවානුවෙදීමය. ඔලිම්පික් පැවැති මෙක්සිකො නගරයේදීම නිරායුද සිසුන් සිය ගනනක් මරා දමා තවත් දහස් ගනනක් අත් අඩංඟුවට ගත් මිලේච්ඡ සිසු සන්හාරය (Tlatelolco Massacre)සිදුවී  ගතවී තිබුනේ හරියටම සති දෙකකි. Black Power Salute ලොව පුරා පුවත් සිරස්තල සැරසුවා පමනක් නොව පසුගිය සිය වසේ ප්‍රබලතම පෝස්ටර් ඡායාරූප 10 අතරටද එකතුවිය.

OPHR යනු අහිංසාවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් වූ අතර ක්‍රීඩාව තුල වූ වර්ගවාදය මානව හිමිකම් න්‍යාය පත්‍රය තුලට ගෙන ඒමේ මහගු කාර්යයක් එදා ඉටු කලේය. ටොමී හා කාලෝස් දෙදෙනාම OPHRහි උපන් බිම වූ සැන් ජොසේ විශ්ව විද්‍යාලයේ සිසුන් විය. කලු ක්‍රීඩකයන් මෙක්සිකෝ ඔලිම්පික් උලෙල වර්ජනය කල යුතුයි යන්න OPHRහි මුල් මතවාදය වුවද එය ක්‍රියාත්මක නොවීය.  එහෙත් එදා පදක්කම් වේදිකාව මත සිට, පසු බිමින් ඇමරිකන් ජාතික ගීය වැයෙද්දී, හිස් පහතට නමා දෑස් බිමට නැඹුරු කොට කලු අත්වැසුම් සහිත මිට මෙලවූ සිය අත් මෙක්සිකානු රාත්‍රී අහසට යොමු කර ඔවුන් සිදු කල නිහඬ කැරැල්ල සුදු අධිරාජ්‍යයේ අරටුව දක්වාම සසල කලේය. එසේම එය, ඇමරිකාණු පාලකයන්ගේ කුහක වර්ගවාදී ප්‍රතිපත්තීන් නිර්ධය ලෙස ලොවට හෙලිදරව් කිරීමට සමත් විය.

එතෙක් සුපිරි සුදු ඇමරිකන් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ කලු ක්‍රීඩකයන් විදේශයන්හිදී ලබා ගන්නා ජයග්‍රහන හා ගෙනෙන පදක්කම් පමනක් වූ අතර මව් බිමේදී ඔවුන් නිකම්ම නිකම් ‘වේගවත් කල්ලන්’ (Fast Niggers) පමනක්ම විය. OPHRහි ඔලිම්පික් වර්ජනය පිලිබඳ කතිකාව ගොඩ නැගෙන සමයේ ඔවුන්ගේ මන්ත්‍රය වී තිබුනේ ‘උපන් බිමේදී බඩ ගාන්නට මෙක්සිකොවේ දුවන්නේ කුමකටද’ (Why run in Mexico only to crawl at home) යන්නයි.

දිළිඳු අඳ ගොවියෙකුගේ පුතෙකු වූ ටොමී ස්මිත්ද එවැනිම දුප්පත් පසුබිමක් සහිතවූ ජෝන් කාලෝස්ද ළමා කාලයේ සිටම මේ උග්‍ර වර්ගවාදයෙන් ඇතිතරම් බැට කෑවේය.එබැවින් සිය කැරැල්ලට එරෙහිව සුදු ඇමරිකාවෙන් නැගෙන කෝපග්නියේ දිග පලල ගැන ඔවුන්ට වැටහීමක් තිබුනි.  එහෙත් ඔවුන්ට මුහුන දීමට සිදු වූයේ බලාපොරොත්තු නොවූ තරමේ දුෂ්ඨ ප්‍රහාරයන්ටය.

එවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති, ඇමරිකානුවෙක්වූ Avery Brundage විසින් ටොමී හා කාලෝස් දෙදෙනා වහාම ඔලිම්පික් ගම්මානයෙන් එලවා දැමීමට නියෝග කලේය. ඔහුගේ නියෝගය කෙතරම් කැත කුහක ක්‍රියාවක්ද යන්න මනාව පැහැදිලි වන්නේ 1936 බර්ලින් ඔලිම්පික් උලෙලේ හිට්ලර්ගේ ‘නාසි ආචාරය’ (Nazi Salute) සඳහා ඇමරිකානු කන්ඬායමේ සහය ලබා දුන්නේ එවකට එක්සත් ජනපද ඔලිම්පික් කොමිසමේ සභාපති ලෙස මේ පුද්ගලයාම බැවින්ය. එසේම මෙක්සිකනු රජය පැය 48ක් තුල ඔවුන්ගේ වීසා අවලංඟු කොට රටින්ද පිටුවහල් කලේය.

ඔවුන් සිය රට පා තබන්නේ අප්‍රමාන ගැරහුම් පරිබව පමනක් නොව තමන්ව රැකියාවෙන්ද දොට්ට දමා ඇති බව දන්වන ආරංචියද සමගය. ඔවුන් කලු ජාතිකයන් අතර වීරයන් සේ ආදරයට ලක්වූයේ කෙතරම්ද ඊටත් වඩා වැඩියෙන් සුද්දන්ගේ වෛරයට බාජනය විය. ඉතිහාසයේ පළමු වරට තත්පර 20 ට අඩුවෙන් මීටර් 200 දිවූ මිනිසා වූ ටොමී ස්මිත්ට (ඔහුගේ නිසග හැකියාව මත ටොමී තත්පර 19 කඩ ඉමද බිදිනු ඇති බව එකල මතය වී තිබින )සිය දරුවාගේ බඩගිනි නිවීමට පාර අතුගාන්නට සිදු විය. ටොමීගේ මව අකාලයේ මිය ගිය අතර ඔවුන්ගේ පවුලට පැමිනි අතවර, ගැරහුම් ,තර්ජන ගර්ජන සිය මවගේ අකාල වියෝවට වගකිවයුතු බව ටොමී අදටද චෝදනා කරයි.  කාලොස්ටද අඩු නැතුව දුක් විදින්නට සිදු වූ අතර ඔහුගේ පවුල් ජීවිතය බිඳ දැමීමට ඇමරිකන් ෆෙඩරල් ඔත්තු සේවය (FBI) සෑහෙන් කාර්ය භාරයක් ඉටු කල බව කාලෝස් විශ්වාස කරයි. අවසානයේදී ඔහුගේ බිරිඳ සිය දිවි නසා ගන්නා අතර ටොමීගේ විවාහය දික් කසාදයකින් කෙලවර වෙයි. දෙදෙනාටම හා ඔවුන්ගේ පවුල්වලට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වූ අතර මරණය නිරන්තරවම ඔවුන් පසු පස හොල්මං කලේය.

එදා ඔලිම්පික් වේදිකාව මත මේ මිනිසුන් දෙදෙනා දැක්වූ නිර්බීතභාවය කලු සමාජය මත දැවැන්ත බලපෑමක් කලේය. එසේම පසු කාලීනව OPHR හි බොහෝ ඉල්ලීම් දිනා ගැනීම සඳහාද ඔවුන්ගේ ක්‍රියාව ප්‍රබල උත්ප්‍රේරකයක් විය.  කලු ඇමරිකානු නිදහස් සටන එදා මෙදා තුර බොහෝ ජයග්‍රහන අත් පත් කර ගනිමින් ඉදිරියට පැමින ඇත. එහෙත් සිහින සැබෑ වී නැත. ඔවුන්ගෙන් බහුතරයක් අන්ත දිලින්දන්ය, නූගතුන්ය. ආර්තිකය ගත්තද, අධ්‍යාපනය ගත්තද, සෞඛ්‍ය පහසුකම් ගත්තද, නිවාස හිමිකම් ගත්තද ඔවුන් තවමත් දෙවෙනි පංතියේ පුරවැසියන්ය. නීතිය ඉදිරියේද දෙවැනි පංතියේය.

මීට මාස කීපයකට පෙර සිදු වූ ‘ට්‍රෙවොන් මාටින්’ (Trayvon Martin) ඝාතනය කදිම උදාහරනයකි. කඩයට ගොස් රස කැවිලි රැගෙන ගෙදර යමින් සිටි වයස 17 කලු ජාතික දරුවා කිසිදු සාදාරණ හේතුවක් නැතිව අමු අමුවේ ඝාතනය කරන ජොර්ජ් සිමර්මන්ව පොලීසිය අඩු තරමේ අත් අඩංඟුවටවත් නොගනී.  ආත්මාරක්ශාවට වෙඩි තැබුවා යන ප්‍රකාශය මත චෝදනාවක්වත් නොනගා නිදහස් කරයි. කලු ජාතිකයන්ට සිය දරුවාගේ ඝාතකයාව අඩු තරමින් අත් අඩංඟුවට ගෙන චෝදනා ඉදිරිපත් කරවා ගැනීමට දවස් ගනන් පාරවල් වල උද්ඝෝශණ කරන්නට සිදු විය. මෙහි අනෙක් පැත්ත සිදු වූවානම් පොලීසියේ හා නීතිය ක්‍රියාවට නගන්නන්ගේ කාර්යක්ශමතාවය ඇදහිය නොහැකි තරම්ය.

ඉදින් මේ තවමත් නිමා නොවූ සටනේ ප්‍රභල මං සළකුනක් ලෙස ටොමී හා කාලෝස්ගේ ‘Black Power Salute’ කැරැල්ල සටහන් වන අතරම ඔලිම්පික් වංශකථාවේද කාලයේ වැලිතලාවට කිසිදින යට නොවන ලෙස සදාතනික වී ඇත.

 “ I still feel the old impulsus and compulsions…………….. To stand up and be heard ..no matter the cost no matter the price”   

                                                                                                                –            John Carlos  July 2012

                                                    Image

 

                                                

ඇමරිකාවේ ලාස් වේගාස් යනු ලෝකයේ සූදු පිටිය යයි පැවසීම වඩාත් නිවැරදිය. ඇති පදම් සුරාවද, දිව්‍ය කම් සැපද අඩුනැති , දැල්වෙන නිවෙන නියොන් ආලෝකයෙන් විචිත්‍රවත් මිහි බට සුරපුර සදිසි දිස්වෙන, ලෝකයේ දල කාරයන් රාත්‍රියකට ඩොලර් මිලියන 16 ක් වීසි කරනා සූදු පොල මෙයය. ඒත් මේ ලිපියේ ප්‍රස්තුතය එම දිලිසෙන මායා ලෝකය නොව ඊට යටින් ඇති යථා ලෝකයය. හරියටම කියනවානම් ලාස් වේගාස් නගරයේ පොලව යටින් දිවෙන කුනු කාණු පද්ධතිය තුල ජීවත්වන දහස් ගනනක් ඇමරිකානු දිලින්ඳන්ය.  රැකියා අහිමිවූවන්, නිවාස අහිමිවූවන්, කුඩ්ඩන්, බේබද්දන්ද මේ කානු තුල මීයන්ද සමග සහ ජීවනයෙන් දිවි ගෙවති.  සිය හිසට ඉහිලින් ලෝකයේ, කැසිනෝ හල් තුල ඩොලර් ලක්ෂ ගනනින් ලංසු තැබෙද්දී, විස්කි වඩියට ,මොහොතක කම්සැපයට, ඩොලර් මිටි පිටින් වීසි කරද්දී මොවුන් දරු පැටවුන්ද සමගින් හාමතේ නිදියති.

මෙය ලාස් වේගාස් වලට සීමාවූවක් නොව තවත් බොහෝ ඇමරිකන් නගරවල කානු තුලද පවතින තත්වයකි. එහෙත් ලාස් වේගාස් උදාහරණය යනු, අතිශය සුලුතරයක් අතට මුදල් රැස් වෙද්දී හා ඔවුන් ලෝක ආර්තිකය හා සූදු කෙලිද්දී සාතිශය බහුතරයක් දිනෙන් දින දිලින්දන් බවට පත්කරන මේ ඊනියා නියෝ ලිබරල් ක්‍රමයේ කදීම පිලිඹිබුවයි. ලෝකෙට පරකාසේ ,ගෙදරට මරගාතේ වූ ඇමරිකන් නිරුවතයි. උතුරු කොරියාවේ බඩගිනිකාරයන් ගැන සිංහල බ්ලොග් තුල උදේ හවා කෙඳිරි ගාන මොල සෝදන්නන් හා සෝදන්නියන්ගේ හෙලුවයි.

පසුගිය අවුරුදු 15 තුල ඇමරිකාවේ දුප්පත්කමේ රේඛාවෙන් පහල සිටින ජන සංක්‍යාව දෙගුනයක් වී ඇත. ලක්ශ 462ක් ඇමරිකානුවන් දිලින්දන්ගේ වර්ග කිරීමට වැටේ.  එය අපේ රටේ සමස්ත ජනගහනය මෙන් දෙගුනයකටත් වැඩිය. සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් දරුවෙක් දිලිඳු දරුවෙකි. මිලියන 13 රැකියා විරහිතයන්ය. ලක්ෂ 500කට නො එසේනම් සෑම ඇමරිකානුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකුට සෞඛ්‍ය රක්ශනාවරනයක් නැත, වෙනත් විදිහකට කියනවානම් ලෙඩකට දුකකට පිහිටක් නැත.   ඇමේසන් වනාශ්‍රිතව සිටින නොදියුනු වෛද්‍ය පහසුකම් නොමැති ජනයා වෙනුවෙන් Stan Brock විසින් ආරම්බ කල නොමිලේ පවත්වන වෛද්‍ය සායන (Remote Area Medical ‘RAM’) දැන් පවත්වන්නේ ඇමේසන් වල නොව ඇමරිකන් නගර වලය. අද නොමිලේ සායන වැඩියෙන් අවශ්‍ය වී ඇත්තේ ඇමේසන් වනයට නොව නව ලිබරල් ආර්තිකයේ රන් දෙවොල වන ඇමරිකාවටය. උදෑසන ආරම්භවන මේ සායන වලට සියගනනින් ගැහැනුන්,මිනිසුන් සිය දරුවන් සමග කටුක සීතලේ පෝලිම් ගැහෙන්නේ පාන්දර එකේ , දෙකේ සිටය. මේවායේ දොස්තරලාට බොහෝ විට හමුවන්නේ බේතක් ,හේතක් ගන්නට මුදල් නැති කමින් වසර ගනන් ලෙඩ රෝග වලින් පෙලෙමින් දුක් විඳින මිනිසුන්ය, ගැහැනුන්ය.

පාසැල් යන දරුවන්ගෙන් ලක්ෂ 15ක් නිවාස අහිමි දරුවන්ය. ඔවුන් කානු තුල, කූඩාරම් තුල හෝ තුට්ටු දෙකේ ගුබ්බෑයම් වල ජීවත් වන්නෝය. වයස 25ට අඩු තරුන උපාදිධාරීන්ගෙන් (College Graduates) භාගයකට ආසන්න ප්‍රමානයක් එක්කෝ විරැකියාවෙන් හෝ ඌනරැකියාවෙන් පෙලෙයි. පවුල් ලක්ශ 64කට සිය දෛනික ආහාර සුරක්ශිතභාවය ගැන ගැටලු ඇත. මෙවැනි සංඛ්‍ය, දත්ත වල ලැයිස්තුව ඉතා දිගු එකකි. එහෙත් අර්බුදයට ගොස් ඇති නව ලිබරල් ධනවාදයේ වපසරිය මැන ගැනීමට ඔය ටික හොදටම ප්‍රමානවත්ය.

මෙහි ඇති සැබෑ ඛේදවාචකය නම් දිනපතා සීග්‍රයෙන් දුප්පත්කම පැතිරෙන්නේ රටේ ඉහලම ධනපතියන් සුලුතරය වඩ වඩා පොහොසත් වෙද්දී වීමය. වසරින් වසර, සතියෙන් සතිය, පැයෙන් පැය, සෑම මොහොතක් පාසාම ඇති නැති පරතරය එන්න එන්නම පුලුල්වෙයි.  1975 ඇමරිකාවේ ඉහලම ආදායම් ලබන සියයට 1ට සමස්ත ආදායමෙන් 8.9% අයිති විය, වසර 33කට පසුව 2008 ඔවුන් සමස්ත ආදායමෙන් පහෙන් එකකටත් වඩා දැවැන්ත කොටසක් එනම් 21% අත් පත් කර ගනී. තවදුරටත් විස්තර කරනවානම් ඉහලම ආදායම් ලබන සියයට එකකගේ වත්කම පහල අදායම් ලබන 90% ජනතාවගේ මුලු වත්කම් ප්‍රමානයට වඩා වැඩිය. ඇමරිකාවේ ධනවත්ම 400දෙනාගේ වත්කම පහල ඇමරිකානුවන් මිලියන 150කගේ සමස්ත වත්කම් එකතුවට වඩා වැඩිය. වොල්මාර්ට් සමාගමේ හිමිකරුවන් 6දෙනාගේ වත්කම ඇමරිකාවේ පහල ආදායම් ලබන ජනගහනයෙන් 30% ගේ මුලු වත්කම් එකතුවට වඩා වැඩිය. ඇදහිය නොහැකි දැවැන්ත ආදායම් බෙදීයාමේ විශමතාවයේ දිග පලල සිතා ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.

ඇමරිකන් දක්ෂිනාන්ශික රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙය ඔබාමාගේ නොහැකියාවට ලඝු කිරීමට දැඟලුවද ඇත්තවශයෙන්ම මෙය ක්‍රමයේ තාර්කික ඵලයක් බව යුරෝපයේද ලොව අන් තැන්හිද තතු විමසීමෙන් ප්‍රත්‍යක්ශ වෙයි. ස්පාන්ඥයේද, ග්‍රීසියේද තරුණ විරැකියාව 50%ක් තරම් වේ. බොහෝ යුරෝපා සංගමයේ රට වල දුප්පත්කම අහස උසට නැග ඇත. යුරෝපා රාජ්‍යයන් පුරා අගනගර වල වර්ජන විරෝධතා වීදි සටන් සුලබ දසුන්ය. එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ මීට මාස කීපයකට පෙර ජාත්වාදී මුහුනුවරක්ද සහිතව සති කීපයක් පුරා පැතිර ගිය කැරලිකාරීත්වයද මේ ආර්ථික බිඳ වැටීමේ අසහනය පුපුරා ගිය අවස්තාවකි. පහල ස්තරයේ අසහනය මේ ලෙස වර්ධනය වන්නේ එන්ගලන්තයේ ලොකුම ධනවතුන් 1000 දෙනාගේ වත්කම වසරක් තුලදී පවුම් බිලියන 20 කින් වැඩි වෙද්දීය.

මෙසේ ඇමරිකන් වැඩ කරන ජනතාව වල පල්ලට යද්දී, දැවැන්ත සමාගම් අති විශාල ලාබ ලබමින් සිටී. ඇමරිකන් සමාගම් වල බදු ගෙවීමෙන් අනතුරුව ලාභය ඉතිහාසයේ ඉහලම අගය ලබාගෙන ඇත. මේ ලාභය ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල ඉතිහාසයේ ඉහලම අගය වාර්තා කරද්දී එයට ප්‍රතිපක්ශව ශ්‍රමයට ගෙවන වැටුප් ආර්තිකයේ ප්‍රතිශතයක් ලෙස ඉතිහාසයේ පහලම අගය වාර්තා කරයි.  ලෝක ආර්ථිකයේ පාලනය බහුජාතික සමාගම් ජාලයක් අතට පත් කල, ශ්‍රමයට ඉහලින් ප්‍රාග්ධනය ස්තානගත කල නියො ලිබරල් ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇති විශමතාවය විස්තර කල හැකි හොඳම වාක්‍ය ඉහත වාක්‍යය බව මගේ හැඟීමයි.

සිය ලාභය මිසක අන් කිසිවක් නොතකන මේ කෑදර සමාගම් ජාලය ජනතාව ණය උගුලේ කර වටක් ගිලී සිටියදී මුදල් මත පිහිනමින් සිටී.  මිලියන ගනනින් මිනිසුන් විරැකියාවෙන් පෙලෙද්දී, තවත් ලක්ශ ගනනින් රැකියා අහිමි වෙද්දී සිය ලාභ ප්‍රති ආයෝජනය කර රැකියා අවස්තා පුලුල් කරනු වෙනුවට මේ දැවැන්ත සමාගම් අනාගත්යේ වැඩි වැඩියෙන් ලාභ ලබනු පිනිස අති විශාල අතිරික්ත මුදල් ප්‍රමානයක් මත ඉදගෙන සිටියි. ‘ඇපල්’ සමාගම ඩොලර් බිලියන දහයකට වඩා මේසේ සිය තැන්පතු වල පවත් වාගෙන යයි. ‘BP’ සමාගමට පවුම් බිලියන 15.8 මුදල් අතිරික්තයක් ඇත.BAE Systems සිය සේවකයන් 22,000ක් දොට්ට දාන්නේ පවුම් බිලියන 2.1ක මුදල් අතිරික්තයක් සිය ශේෂ පත්‍රයේ සටහන් වෙද්දීය.

ඇමරිකාවේ, එන්ගලන්තයේ හෝ යුරෝපයේ මතු නොව ඉන්දියාවේද, ලංකාවේද, සෝමාලියාවේද වෙනසක් නැතිවම මේ ආර්තික ක්‍රමය විසින් නිර්මානය කර ඇත්තේ ඇදහිය නොහැකි විශමතාවයකි. වෙනසකට ඇත්තේ අපේ වැනි පරිධියේ රටවල පවතින්නේ දේශපාලුවන්ගේ බලපෑමෙන් වඩාත් විකෘති වූ නව ලිබරල් ධනවාදයක් වීමය. ක්‍රමයේ විශමතාවයට අමතරව මහා පරිමාන දූෂනය, වංචාව, ඉහවහා ගිය නාස්තිය,පැතිරුන ඥාති සංග්‍රහය සහිත දුගඳ හමන සමාජ ආර්තිකය එම විකෘතීන්ගේ ප්‍රතිපලයයි.

සංඛ්‍යා ලේකන මෙන්ම බහුතරයකගේ ඇඟට දැනෙන අග ගිඟකම් කියාපාන්නේ ලෝකයට දැන් අවශ්‍ය මේ නව ලිබරල් දහදුරාව පවත්වාගෙන යාමට යොදන පැලැස්තර විසදුම් නොව පැහැදිලිවම සුසමාදර්ශ වෙනසක් (Paradigm Shift) බවයි. නො එසේ නම් ලාබ අලාබ ගිනුමක පහල තීරුව වෙනුවට මනුශ්ෂත්වය මත පදනම් වුනු සමාජ ආර්තික ක්‍රමයක් බවයි.

අරුනි ශපීරෝ යනු බ්ලොග් අවකාශයේ කාලයක පටන් ප්‍රධාන වශයෙන් මනොවිද්යාත්මක පසුබිමක් සහිත ලිපි පලකරන්නියකි. බැලූ බැල්මට ‘acadamic’ පන්නයේ බ්ලොග් එකක් වුවද එහි යටි පෙල දුෂ්ඨ අභිප්‍රායක් (sinister motive) සහිත බ්ලොග් අඩවියකි.  මේ මොහොතේ ලොව පුරා දැවැන්ත අර්බූදයකට ගොස් ඇති නව ලිබරල් ධනවාදය හා එහි ස්වාමීන් වන ඇමරිකානු ප්‍රමුඛ බටහිර මූල්යාධිපතීන්ට සලු පිලි අන්දවා  උත්කර්ෂයට නැංග්වීම සහ අනික් අතට ඩොලර්, පවුම් වෙනුවට මනුශ්ෂත්වය උත්කර්ශයට නංවන සමාජවාදයට ගරහමින් ,පරිබව කිරීම ඇගේ අරමුන බව සියුම්ව බලන්නෙකුට වැටහෙනවා නොඅනුමානය. අරුනි එයාගේ ‘මනෝචිකිත්සක’ අයිසිං තවරා පරිධියේ අපේ  රටවල මිනිස්සුන්ට ගිල්ලවන්නට තතනන්නේ, ඇමරිකාව, යුරෝපය ඇතුලු බටහිර සුරංගනා කතාවය. මේ ‘මොල සෝදන්නිය’ගේ සැබෑ වත හෙලිදරව් කල යුතු වන්නේ එබැවිනි.

අරුනීට අනුව මිහිපිට සුරපුර ඇමරිකාවය, ශාන්තුවරුන්ට සමාන පද යනු කෙනඩිලා, නික්සන්ලා, ජොන්සන්ලා,රේගන්ලා, බුෂ් තාත්ත පුතාලා, ඔබාමලා වැනි ඇමරිකන් නායකයන්ය. කැස්ත්‍රො, චේ,මාඕ,හෝ චි මින්,ලෙනින්, කාල් මාක්ස් යනු සාතන්ට සමාන පදය. නමුත් සත්‍ය නම්, මූල්‍ය, තෙල් හා ආයුධ ජාවාරම්කාර කොම්පැනි අධිපතීන් අත්ලොස්සක් විසින් හසුරුවන අද වනවිට ගරා වැටෙන මේ ඇමරිකන් අධිරාජ්‍ය ගොඩ නගා ඇත්තේ හා පවත්වා ගෙන යන්නේ ලතින් ඇමරිකාව, ආසියාව ඇතුලු තුන් වන ලෝකයේ මිනිසුන්ගේ ලේ, කඳුලින් පෙඟුනු ඉතිහාසයක් මත බවය.

පොලොව නුහුලන සමූලඝාතන, ජන සංහාර, කොල්ල කාරී සූරාකෑම්, මහා පරිමාන පරිසර විනාශයන් ,රාජ්‍ය නායකයන් ඇතුලු පුද්ගල ඝාතන, නින්දිත කුමන්ත්‍රණ පිරුනු අධම ක්‍රියාදාමයකට සිය ස්වාමීන් ,ව්‍යාපාරික සඟයන් වෙනුවෙන් අණ දුන් ඇමරිකන් පාලකයන් සැබෑ සාතන්ලා බව වසං කිරීම අරුනිලාගේ වගකීමය.

යුධ විරෝදී, වදහිංසා විරෝදී වෙස්මුහුන පැලඳ සිටින අරුනි වධකාගාරයක් ගැන කීමට අවැසි වූ විට පුදුමාකාර ලෙස මතක් වන්නේ මීට වසර 70කට 80කට පෙර තිබූ ස්ටාලින්ගේ ගුලාග්ය. ඊටත් දශකයකට හමාරකට පසුව ඇරඹි හිට්ලර්ගේ අවුට්ස්විට්ස් මතක් වන්නේද කලාතුරකිනි, පුදුමය වන්නේ අදටද පවත්වාගෙන යන ගුවන්ටනාමො බේ වදකාගාරයද, මෑතක් වෙනතුරු තිබුන කුප්‍රකට අබු ගරිබ්, බග්‍රාම් ඇතුලු ලොව පුරා රහසිගතව පවත්වාගෙන යන ඇමරිකානු වධකාගාර, ඝාතකාගාර අරුනීට මත්ක් නොවීමය. බොහෝ බටහිර රටවලට හිසරදයක් වී ඇති රෝගයකි ‘Alzheimer’s disease’ මෙය වැලඳුන අයට දශක ගනනාවකට පෙර සිදුවූ දේවල් මතක තිබුනද, මෑතකාලීන මතකය හෝ දෛනික කටයුතු අමතක වේ. අරුනි ‘Alzheimer’ ශපීරෝද සැබෑ ලෙසම වධකාගාර විරෝදියෙක් නම් මේ සියල්ලටම එක ලෙස විරුද්ද විය යුතුය, සිය ලිපි වල වදකාගාර ගැන ලියන විට ගුලාග් මෙන්ම බග්‍රාම්ද මතක් විය යුතුය. මේ ගැන ප්‍රශ්න කල විට අරුනි දෙන්නේ………….“.ඔබාමා ආවේ ගුවන්ටනමො බේ වහන්නය..ඒත් තවමත් බැරි උනාය….ඒවයේ ඉන්න ‘අමානුශික ත්‍රස්තවාදීන්’ උන්ගේ රට වලින් භාර ගන්නෙත් නැතිය……වධ හිංසා කල අයට දඩුවම් දුන්නාය”………….වැනි හාස්‍ය ජනක දියාරු උත්තරය. හරියට නිකං යන එන මං නැති ‘අමානුශික ත්‍රස්තවාදීන්’ ගැන හිත උනු වෙච්ච ඔබාමා, සුබ සාධන මධ්‍යස්තානයක් පවත් වාගෙන යනවා වැනි ආකාරයටය.  අවුරුදු 10කටත් වැඩි කාලයක් මේ වධකාගාර වල කලින් කලට රඳවා තැබූ දහස් ගනන් සිරකරුවන් ‘අමානුශික ත්‍රස්තයන්’ බව අරුනි දන්නවානම් ඔබාමාගේ නීති විශාරදයන් එය නොදැන ඉන්නට හේතුවක් නැත. එසේ නම් මේ ‘ත්‍රස්තවාදීන්’ කී දෙනෙක්ට නඩු දමා දඩුවම් කලාදැයි අරුනි පිලිතුරු දිය යුතුය.

හින්සකයින්ට බරපතල දඬුවම් දුන්නා යන්නද ඒවැනිම විහිලුවකි. මේ ඝාතකාගාර බිත්ති ඇතුලත දෛනිකව සිදුවූ අමානුශික වධ හිංසා වලින් එකක් දෙකක් එලියට නිරාවරනය වූ විට ලෝක අපවාදයෙන් බේරීමට පහලම තලයේ සෙබලුන් කීප දෙනෙක්ට මාස කීපයක සිර දඬුවමක්  දීම අරුනි කියනා ‘බරපතළ’ දඬුවමය.  හොඳම උදාහරනයක් නම් ඇෆ්ගනිස්තානයේ බග්‍රාම් වධකඳවුරේදී ඝාතනය කල අහිංසක ටැක්සි රියදුරෙක් වූ ඩිලාවර් ගේ කතාවය. අත් අඩංගුවට ගෙන දින 5ක් තිස්සේ දරුනු වධයට ලක් කර මරාදැමුනු ඩිලාවර්ගේ මරනය ගැන ඇමරිකන් හමුදාව ප්‍රසිද්ධියේ කීවේ එය ස්වාභාවික මරනයක් බවය. එහෙත් ඩිලාවර්ගේ මල සිරුරත් සමග මල පොතේ අකුරක් නොදත් ඔහුගේ පවුලේ උද්වියට ඉන්ග්‍රීසි භාශාවෙන් ලබාදුන් මරණ සහතිකයේ කඳවුරේ වෛද්‍ය වරයා එය මිනීමැරුමක් (homicide) බව සහතික කර ඇත. එහෙත් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍ය වේදිනියක් අතට ඉහත මරන සහතිකය පත්වීමත් සමග සිද්දිය ලොවට අනාවරනය විය. දින 5හ පුරාවටම ඩිලාවර්ට නිදාගැනීමට ඉඩ නොදී ඇති අතර අත් මංචු වලින් සිවිලිමට එල්ලා දමා තිබී ඇත. ඔහුගේ පාද වලට කෙතරම් පහර දී තිබුනේද යත් ඒවා පල්ප බවට පත් වී තිබූ බව (pulpified) පසුව සිදු කල පශ්චාත් මරන පරීක්ශනයේදී හෙලිවී තිබින.  මෙය හෙලිදරව් වීමත් සමග සෙබලුන් කිහිප දෙනෙකුට මිලිටරි අධිකරනයේ නඩු දැමූ අතර, ප්‍රදාන චූදිතයාට මාස දෙකක හමුදා කඳවුරක් තුලම සිර දඬුවමක්ද,කාන්තා සෙබලියකට මසකට ඩොලර් 250 බැගින් මාස 4ක දඩයක්  හා නිලයෙන් පහල දැමීමක් කල අතර ඉතිරි අය නිදහස් විය. පවුලක් නඩත්තු කල අහිංසක 23 හැවිරිදි තරුනයෙකුට දින 5ක් තිස්සේ මැරෙනතුරු පහර දුන් අයට ලැබුනු අරුනිට අනුව “බරපතල” දඩුවම් ඕවාය.

ස්ටාලින් රුසියාවේ සිදුවූ ඝාතන ගැන කිඹුල් කඳුලු හෙලන අරුනිගෙන් වියට්නාමයේ හා කාම්බෝජයේ ලක්ශ 50කට ආසන්න මිනිසුන්ගේ ඝාතනය ගැන ප්‍රශ්න කලවිටද ඇය දෙන්නේ අපූරු උත්තරයකි

———-“ලොවට ම හඬ ගා සටන් වදින්නට ගිය යුද්ධයක හා තමන්ගෙ රටේ තම ජනතාවම රහසිගතව මරනා ඝාතකයන් අතරත් වෙනස දකින්න කොහෙත් ම බැරි ද?”———–

එතකොට අරුනිට අනුව ලොවටම හඬගා ගොස් වෙනත් රටක මිනී මරන්නේ වීරයන්ය..’රැම්බො’ලාය..තමන්ගෙ රටේ මිනී මරන්නන් පමනක් ඝාතකයන්ය. මේ අරුනිගේ සැබෑ මූන එලිදරව් වෙන තැන්ය. සිය බ්ලොග් සටහන් වල පණ්ඩිතමානී වදන් වලින් දවටා මේ ‘ජඩ’ ඇමරිකන් ක්‍රමය උත්කර්ශයට නංවන්නට දැඟලුවද ඇයව ප්‍රශ්න කල විට එන්නේ ඔය වැනි ගොං පාට් උත්තරය.

ඉරාකයේ මැරෙන මිනිසුන් ගැනද අරුනිගේ උත්තර ඔයිට දෙවෙනි නැත. එය ඇගේ වචන වලින් ම හා එයට මා දුන් පිලිතුරද පහත දක් වමි.

— යුද්ධය පටන් ගන්නටත් පෙර පටන් ඇමෙරිකානුවන් ඊට විරෝධය පෑවා. ගුවන්තනමෝ ගැන අප්රසාදය ඇමෙරිකානුවෝ පෙන්නුවේ ආණ්ඩුවේ අයගේ බලයත් අහිමි කරමින්. ගුවන්තනමෝ හි සිරකරුවන්ට අමානුෂික වදහිංසා දුන් අයට බරපතල හිර දඬුවම් ලැබුණා. බුෂ් පුතාගේ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆේල්ඩ්ට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වූවා. බලයේ සිටිය දී එහෙම ජනතා විරෝධයක් පාන්නට, සිරකරුවන්ට වදහිංසා කළ අයව හිරේ දාපු, තම ආණ්ඩුවේ නියෝග පිළිපැද අයට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වීමක් ස්ටාලින් රුසියාවෙන්, හිට්ලර් ජර්මනියෙන් හෝ අද උතුරු කොරියාවෙන් ඇහෙනවා ?——

—— ඔව්..යුද්ධෙ පටන් ගන්ඩ ඉස්සෙල්ලා, පටන් ගත්තට පස්සේ, යුද්ධෙ ඇන ගන්න කොට..මේ හැම වෙලාවෙමඇමරිකානුවොවිරෝධය පානවා….වෝල් ස්ට්රීට් එකටත් විරොධය පාන්නේඇමරිකානුවො”……ඒත් සිද්ද වෙන්නේ කානුවොකියන ඒව නෙවෙයිනෙ…..ඒවට ඉන්නව රියල්කානුවොඅනික ඔයඇමරිකානුවොඅප්රසාදය පෑවෙ ආණ්ඩුව ගෙදර යවල නෙමෙයි බුෂ් පුතාව දෙවෙනි පාරටත් ජනාධිපති කරල.

ගුවන්තනමොවල, අබුගරිෆ් වල, ඇෆ්ගනිස්තානෙ බග්රාම්, වගේම තව ලෝකෙ පුරාම රහසි ගතව පවත්වාගෙන යන වධකාගාර වල සිද්දි කීපයක් එලියට ආවම..ලෝක ලජ්ජාවෙන් බේරෙන්න, මේවාට අණ දුන්නු, වධකාගාර පවත්වාගෙන ගිය, වදදීම් නීතිගත කල..ලොක්කොන්ට ප්රමෝශන් දීල බොරුවට..පහලමසෙසු නිලයන්කීප දෙනෙක් මාස කීපයකට හිරේ දාපු එකද ඔයා මේ බරපතල දඬුවම් කියන්නේ………. ඕවා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි බැන්කි මූන්ටයි. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට ගෙදර යන්න උනේ ඔයා කියනජනතා විරොධයකටනෙමෙයි..හමුදාව තුලින් ඔහුගේ අතිශය දුර්වල යුධ නායකත්වයට හා මූලොපායික අසමත්කමට එරෙහිව නැගුනු විරොධය නිසාඅරුනි ඔයාගෙ කැත ඇමරිකන් ගැතිබව වහ ගන්න බොරු කීම වහා නවත්තන්න.”————

එයට යමක් එක්කරනවානම් කිව හැක්කේ, ඇමරිකානුවන් බුෂ් ව දෙවෙනිවතාවට තෝරා ගන්නේ යුධ විරෝදී ස්තාවරයක් ඉදිරිපත් කල සෙනෙට් සභික ජෝන් කෙරී (Senetor John Kerry)  පරාජයට පත් කරමින්ය.  රම්ස්ෆෙල්ඩ් සම්බන්ඳ සත්‍ය කතාවද දක්වා ඇති ලෙසම අරුනිගේ බොරුවට හාත්පසින්ම වෙනස්ය. ඔහුට ඉල්ලා අස් වන්නට සිදුවෙනුයේ ඔහුගේ අතිශය දුර්වල යුධ සැලසුම්(abysmal military planning) හා මූලොපයික අසමත්කමට (lack of strategic competence) එරෙහිව මිලිටරිය තුලින් නැගුනු ජෙනරාල්වරුන්ගේ කැරැල්ල (Generals Revoult) ලෙස හැඳින්වූ විරෝධය හේතු කොට ගෙනය. එනම් අරුනි මවා පානා ලෙස යුධ විරෝදී ඇමරිකානුවන්ගේ බලපෑමට නොව ඇත්ත වශ්යෙන්මනම් යුධකාමීන්ගේ බලපෑමටය.

දැන ,දැන මේ ගල් පැලෙන බේගල් අරුනි ඇද බාන්නේ ඇගේ දුශ්ඨ අභිප්‍රාය (Sinister Motive ) එනම් ලංකාවේ මිනිසුන්ට ‘මහා ඇමරිකානු’ සුරංගනා කථාව ගිල්ල වන්නටය.

අනෙක් අතට ලෝකයේ බිහිවූ විශිෂ්ට දාර්ශනිකයෙක් වූ, ධනවාදය තුල කොන්කර ඇති දුක් විඳින මිනිසුන්ගේ නිදහස, විමුක්තිය වෙනුවෙන් දාර්ශනික මතවාදයක් ඉදිරිපත් කල ‘කාර්ල් මාක්ස්’ (Karl Marx) අරුනීට නයාට අඳුකොල මෙන්ය.  මාර්ක්ස්ට පරිබව කිරීමෙන් ඇය මහා කාලකන්නි සතුටක් ලබනවා විය යුතුය.  මෙය කෙතරම් තුච්ච නින්දිත ලෙස කරනවාදැයි  කීවොත්, අරුනි ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයා’ නමින් ලියන ලිපියක, ලැබූ ස්වාධීන ජයක්, පෙන් වූ කුසලතාවයක් හෝ අනුන්ට කරන ලද යහපතක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකුට’ උදාහරණ ලෙස දක්වන්නේ ‘මාර්ක්ස්’වය. මාර්ක්ස්ගේ මතවාදයන්ට වෙනස් මත දරන බුද්ධිමතුන්, දාර්ශනිකයන් පවා, මාර්ක්ස් ලොව පහල වූ විශිෂ්ඨ චින්තකයෙකු බව එක හෙලා පිලිගනියි. නූතන සමාජ විද්‍යාවේ නිර්මාතෘන් ත්‍රිත්වය ලෙස ‘Emile Durkheim’,’Max Weber’ සමග දක් වන්නේ මාර්ක්ස්වය. එන්ගලන්තයේ ‘B.B.C’ සේවාව 1999දී දෙවන සහස්‍රකයේ (millannia) බිහිවූ විශිෂ්ඨතම චින්තකයා ලෙස පාඨක චන්දයෙන් තෝරන්නේ කාර්ල් මාක්ස්වය. වසරේ මානව හිතවාදියා ලෙස වරක් තෝරාගනු ලබන ඔස්ට්‍රේලියානු දාර්ශනිකයෙක් වන ‘Peter Singer ‘ සඳහන් කරන්නේ මාර්ක්ස්ගෙන් ලෝකයට වූ බලපෑම ලොව ප්‍රදානතම ආගම් දෙකේ කතෘන් වන ජේසුස්ගෙන් හා ප්‍රොෆ්ට් මොහොමඩ්ගෙන් සිදුවූ බලපෑම සමග සැසදිය හැකි බවයි.  ඇමරිකාවේ ඉහලම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන,’Harvard ‘,’ Princeton’, ‘Yale ‘ එන්ගලන්තයේ ‘Oxford’,’Cambridge’ ඇතුලු ලොව බොහෝ විශ්ව විද්‍යාල වල කාර්ල් මාක්ස්ගේ ඉගැන්වීම් සම්බන්ඳ විශයයන් සාකච්චා කරයි.

ලොව තුල මෙතෙක් පහල වූ විශිෂ්ඨයන් සුලු පිරිස අතරට ගැනෙන, සම්භාවනාවට පාත්‍ර වන කෙනෙක් , පෙන් වූ කුසලතාවයක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකු ලෙස හඳුන්වන අරුනි කොතරම් මනෝ ව්‍යාදියකින් පෙලෙන්නෙකුදැයි සිතා ගැනීම අපහසු නොවනු ඇත. මාර්ක්ස් වැනි දැවැන්තයන් හමුවේ අරුනි හෝ අරුනිගේ පොලිටිකල් ‘දෙවියා’ රොන් පෝල් මොන කැරපොත්තන්ද?

සමූහ ඝාතක අවි ඇතැයි, ලෝකයට කප්පරක් බොරු කියා සිය පුද්ගලික දේශපාලන, ආර්තික වාසි හා පුද්ගල ප්‍රතිරූපය පුම්බා ගැනීම  වෙනුවෙන් ඉරාකය ආක්‍රමනය කොට එහි ලක්ශ 6කට අදික අහිංසක ජනතාවක් ඝාතනයට මග පාදාදී, තම රටේ සොල්දාදුවන් 4500 පෙට්ටියෙන් ගෙදර එන්නට සැලස්වූ, තවත් බොහෝ ගනනක් සොල්දාදුවන් පශ්චාත් ‍යුද මානසික රෝග (Post Traumatic Disorders) නිසා සියදිවි හානි කර ගැනීමට සැලස්වූ, සිය රටේ ආර්තිකයද වලපල්ලට හැරි ජොර්ජ් W. බුෂ් නම් දර්ශීය ‘ස්වානුරාගී මනෝව්යාධිකයෙකි’. මෙවැනි නාසිසිස්ටික් ලොසාලා බුරුතු පිටින් සොයාගත හැකි ඇමරිකාවෙන් උදාහරණ නොගෙන සියවස් තුනක් හරහා කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ, බුද්ධිමතුගේ සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨයෙකුට මනෝව්‍යාධියෙක් කීමේ යටි පෙල උවමනාව තේරුම් ගැනීම අමාරු නොවනු ඇත.

අරුනි සේවය කරන මේ කොල්ලකාරී නව ලිබරල් ධනවාදය ඇමරිකාවේද, යුරෝපයේද සීග්‍රයෙන් අර්බූදයේ පතුලට ඇදෙමින් පවතී. පහුගිය වසර කීපය තුලම වර්ධණය වී ඇත්තේ තරුන විරැකියාව, අසහනය ,දුප්පත්කම හා පල්ලිවල ‘සුප් කිචන්’ පෝලිම්ය. ඒවායේ ප්‍රතිපලයක් ලෙස ගෙදර යන්නට වූ 11වෙනි යුරෝපියානු රාජ්‍ය නායකයා වීමේ භාග්‍ය අද ප්‍රංශයේ  Nikolai Sarkozi ලැබුවේය. මේ ගරා වැටෙන ඇමරිකන් ක්‍රමය රැක ගැනීමට ආර්තික ඝාතකයන්ද, භූගත හිවල් කණ්ඩායම්ද, ඊනියා ඇමරිකන් නිදහස් මාධ්‍යද, අරුනි ශපීරො වැනි මොල සෝදන වෘක රංචුද හරි හරියට වැඩය.

අරුනිගේ දෙබිඩි මුහුන නිර්දය ලෙස ප්‍රශ්න කල විට දුන් පිලිතුර සිහිකරන්නේ මනොචිකිත්සකයෙක් නොව හිනා නොයන විහිලුකාරයෙක් වන ටෙනිසන්  කුරේ වය.  එහිදී අරුනි දුමින්ද සිල්වාවද , ගෝඨාබයවද ඇදගෙන අදාල නැති  විකාරයක් දොඩවයි.  උත්තර දී ගත නොහැකි ප්‍රශ්නයක් මතු වූ විට රාජපෂ රෙජීම කුක්කන් දෙශද්‍රොහින්, අදිරාජ්‍යවාදීන් යයි ඇඟිල්ල දික් කරන ආකාරයටම එම කාසියේම අනෙක් පැත්ත වන අරුනි උත්තර නැතිවිට රෙජීම කුක්කෙකැයි මට ඇඟිල්ල දික් කරයි. ඇත්ත වශයෙන්ම නම් මේ දෙගොල්ලන්ම කරට අතදාගෙන සේවය කරන්නේ ලෝකය සූරාකන එකම හාම්පුතෙකුටය. ඇමරිකාව ඇතුලු බටහිරට, රාජපක්ෂ රෙජීමය සමග ඇත්තේ එක ප්‍රශ්නයකි. එනම් තමන්ට තනිව කන්නට තියෙන දෙයක් චීනය සමග බෙදාගෙන කන්නට සිදු වී තිබීමය.

කියා ගන්නට දෙයක් නැති වූ විට අරුනි මෙන්ම ‘ඇමරිකානු’වෙක් වන ගෝඨාව ඇදගෙන නන් දෙඩෙව්වද අවසන් විග්‍රහයේදී රාජපක්ෂ රෙජීම හොරුන් සමග අරුනිලා හෙලුවෙන්ය. බලන්නටත් අප්පිරියා අරුනිගේ ජුගුප්සාජනක හෙලුව , ‘මනෝචිකිත්සක’ සීතාම්බර පට සලුවෙන් වසා ගන්නට බැරි බවද කිව යුතුය.